Wednesday, June 8, 2016

#sameera tutorial 39-Mobitel couple sim ගැන විස්තර මෙන්න

අපේ යාලුවන්ට ගොඩක් වටිවි කියලා හිතෙන පොස්ට් එකක් අරගෙනයි මම අද ආවේ. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි mobitel එකේ couple sim ගැන පොඩි විස්තරයක් දෙන්න කියලා මේ දවස් වල දුරකථන ගාස්තුත් වැඩි එකේ ගොඩ දෙනෙක් couple sim හොයනවා ඉතින් ඒ අය වෙනුවෙන් පලවෙන පොස්ට් මාලාවේ පලවෙනි පොස්ට් එක විදිහට තමා අද Mobitel couple sim ගැන දෙන්න හිතුවේ.

අද දවස වන විට mobitel ආයතනය මගින් නිකුත් කරන couple sim වර්ග තුනක් තියෙනවා පලවෙනි සිම් එක තමයි දිනකට රුපියල් 7.42 කැපිලා mobitel to mobitel ඔනම අංකයකට විනාඩි 50ක් sms 50 ක් සහා 100mb data හම්බෙන සිම් එක මෙක couple sim එකක් කියනවට වඩා විශේෂ සිම් එකක් කියන එකයි නිවැරදි මොකද මෙකට සිම් දෙකක්ම මිලදි ගන්න ඔන නැති නිසා. මේ සිම් එක උතුරු පළාත තුල පමනක් ලබා දෙන විශේෂ සිම් පතක් එත් ලංකාවේ අනික් ප්‍රදේශ වලත් මෙක අලෙවි කරන අය ඉන්නවා. මේ සිම් එක සමානයෙන් රුපියල් 500 සිට 1000 අතර ගනනකට අලෙවි වෙනවා. 

දෙවෙනි සිම් වර්ගය සිම් පත් දෙකක් ලබා ගත යුතුයි ලැබෙන free විනාඩි සහා sms සිම් දෙක අතර පමණයි තමන්ට අවශ්‍ය ඔනෑම අවශ්තාවක data package එකක් දාගන්නවා වගේ package එක දාගන්න පුලුවන් 7678 ට 123 යැයි sms එකක් යොමු කලාම රුපියල් 75ක් කැපිලා number දෙක අතර විනාඩි 300ක් සහා sms 300ක් ලැබෙනවා මෙක මාසයක් වලංගුයි. අවශ්‍ය නම් එක් සිම් එක්කට පමනක් මේ විදිහට package එක දලා අනිකට නොදා ඉදියත් ප්‍රශ්නයක් නෑ sim දෙකේම package එක active කරන්න අවශ්‍ය වෙන්නේ පලවෙනි පාර විතරයි.කැමති වාර ගනනක් එකම දිනය තුල උනත් මේ package එක සක්‍රීය කරගන්න පුලුවන් උදාහරණයක් කිව්වොත් ඔයාට එක් sim එකක් වෙනුවෙන් විනාඩි 600ක් සහා sms 600ක් අවශ්‍ය නම් ඔයාලට කරන්න කරන්න තියෙන්නේ එක් sim එකකින් 7678 ට 123 කියලා msg දෙකක් දාන එකයි. එතකොට 150ක් කැපිලා එක් සිම් එක්කට විනඩි 600ක් සහා sms 600ක් ලැබෙනවා මේ විදිහට අනෙක් සිම් එකෙත් කලොත් සිම් දෙක අතර විනාඩි 1200ක් සහා sms 1200ක් ලැබෙනවා රුපියල් 300 කට. දාන හැම package එකම දාපු දවසේ ඉදන් දින 30ක් වලංගුයි.ඒවගේම අලුතෙන් දාන package වලට පරණ call time sms එකතු වෙනවා එත් කලින් package එකේ වලංගු දින 30 ඉකුත් උනාම ඒ call time sms නැති වෙනවා.මේ සිම් එක සමානයෙන් රුපියල් 600 සිට 1000 අතර මිලක පවතිනවා. 

ඉලග සිම් එක තමයි total free sim එක sim දෙක අතර call free,sms free කිසිම limit එකක් නෑ මාස අවසානෙට 150 කට ආසන්න බිලක් ලැබෙනවා. මේ සිම් එකේ ගාන නම් රුපියල් 2500 සිට 3500 අතර වෙනවා. තව දෙයක් විශේෂයෙන්  කියන්න ඔන රජයේ අලුත් බදු ප්‍රතිපත්ති සමග මේ කියන couple sim අලුතෙන් නිකුත් කිරිම බොහොම අඩුයි ඒ නිසා මේ සිම් ඉක්මනට ගන්න.විශේෂයෙන් රුපියල් 7 සිම් එක සහා රුපියල් 75 couple සිම් එක. අලුතෙන් නිකුත් කරන එක නවතින්නයි යන්නේ.මේ කිව්ව දෙවල් ගැන ප්‍රශ්න අහන්න.හෙටත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු

5 comments:

Potha said...
This comment has been removed by the author.
Potha said...

maseta 150k kapena eke sim 2kama tama bn 2000k wage wenne

Potha said...

maseta 150k kapena eke sim 2kama tama bn 2000k wage wenne

Sameera Sandaruwan said...

Ow ithin bro mama dala thiyenne ehema thamai sim eke gana kiwwee dekema gana thamai mama udinma demmane sim dekak ganna ona kiyala

Sameera Sandaruwan said...

Eka eka pethi wala ithin me sim adu wedi ganan walata thiyenawa

Post a Comment

 
Blogger Templates