Sunday, June 26, 2016

#sameera tutorial 58 - චිත්‍රපටයක විඩියෝ පිටපත් වර්ග සහා එවාගේ විස්තර

මේ පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට වැදගත් වෙවි මොකද ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි එකම film එකේ වේවා tv series එකේ වේවා එකිනෙකට වෙනස් කොපි ගොඩක් තියෙන එක ඉතින් අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අපිට අවශ්ය කොපිය තොරගන්න විදිහ ගැනයි මෙන්න මෙවයි කොපි වර්ග

1.CAM=මේ විඩියෝ කොපිය හදන්නේ ෆිල්ම් එකක් හොල් එක්ක තිරගත වෙන වෙලාවේ ඩිගිටල් කැමරාවක් පාවිච්චි කරලා එක රෙකොඩ් කරලයි film එක්ක මුලින්ම එන කොපියත් මෙකයි මෙහි රුපවල ගුණාත්මක බාවය ඉතාම අඩුයි film හොල් එකේ ශබ්ද හැම දේම මෙහි තියෙනවා ඒ වගෙම අතරමැද නරඹන්නන් නැගිටින අවස්තා පවා මෙහි තියෙනවා ඉතින් මෙවැනි කොපියක් ගන්න කලින් තරමක් හිතන්න.

2. TELESYNC (TS)= මේ කොපියත් CAM කොපියට සමානයි මෙහි තියෙන එකම වෙනස මේ විඩියෝ පිටපතේ ශබ්දය ලබා ගන්නේ ෆිල්ම් හොල් එකේ තියෙන earphone jack එකක් හරහයි ඉතින් ශබ්ද වල ගුණාත්මක බව CAM කොපියට වඩා වැඩි.

3. TELECINE (TC)= මේ කොපිය හදන්නේ ෆිල්ම් එකේ රිල් එක පාවිච්චි කරලයි

4. SCREENER (SCR)= මෙක හදන්න ගන්නේ vhs tape

5. DVDRip= ෆිල්ම් එක රිලිස් වෙලා කාලයක් ගෙවුනට පස්සේ වෙළදපොලට එනවා එහි DVD එක .මෙක අපි ගන්න ෆිල්ම් 4ක් 5ක් එකේ තියෙන එකක් නෙවෙයි මුලු DVD පටය පුරාම තනි film එකක් තමයි තියෙන්නේ. අන්න ඒ DVD පටය rip කිරිමෙන් එහෙමත් නැත්නම් රුපවල ගුණාත්මක බාවය අඩු නොවෙන පරිදි දත්ත ප්රමාණය හකුලලා හදන පිටපත තමා මෙන්න මෙක .මෙක වගෙම බ්ලුරේ ඩිස්ක් එන්නේ සමාන්යයෙන් ෆිල්ම් එක හොල් එකෙන් පෙන්නලා අවසන් උනාමයි එකයි මේ පිටපත් පරක්කු.මෙහි විඩියෝ ගුණාත්මක බාවය තරමක් සතුටු දායකයි ශබ්දය ඉතාමත් සතුටු දායකයි

6.HDTV = direct to home එහෙමත් නැත්නම් කේබල් tv conection එහෙමත් නැත්නම් සැටලයිට් tv conection පාවිච්චි කරලා හදන පිටපත තමා මෙක මෙහි ගුණාත්මක බාවයත් සතුටුදායකයි

7. WEB – DL= මේ පිටපත් හදන්නේ online විදිහට tv series film බෙදාහරින වේව් අඩවි වලින් ගන්න පිටපත් වලිනුයි මෙවැනි අඩවියකට උදාහරණයක් තමයි itunes මෙහි ගුණාත්මක බාවයත් තරමක් හොදයි
8. WEBRip= මෙකත් web dl වලට සමානයි

9. BRRIP/BDRIPs= මේ පිටපත් දෙකම හදන්නේ blueray ඩිස්ක් rip කිරිම එහෙමත් නැතිනම් ගුණාත්මක බව අඩු නොවන පරිදි දත්ත ප්රමාණය අඩු කිරිම මගිනුයි.උදාහරණයක් විදිහට 20gb විතර වන buleray disk එකක් මේ විදිහට rip කලාම 1gb ට අසාන්න අගයකට ගෙන්න පුලුවන් ගුණාත්මක බව වැඩිම මෙයයි.ඒ වගේම කලින් කිව්වා වගේ film එක්ක අවසානයටම එන පිටපතත් මෙයයි.

ඉලගට කතා කරන්න ඔන දෙයක් තමා මේ විඩියෝ පිටපත් වර්ග වල resolution එක අනුව qulity එක කිව්වොත් සමාන්‍ය සම්මත resolution තුනක් තියෙනවා අපි හැමොම දන්න විදිහට 480p 720p 1080p ලෙස resolution එක වැඩි නම් රූප වල ගුණාත්මක බව ඉහළයි. ඒ වගේම file size එකෙනුත් වැඩි resolution අඩු නම් රූපවල ගුණාත්මක බව අඩුයි ඒ වගේම file  size එකෙනුත් අඩුයි. හොදයි මේ පොස්ට් එකත් ඉවරයි හැමොටම සුභ දවසක්

3 comments:

Unknown said...

Niyamai sahooooooo..danana hitiyata ada thama hariyatama dana gaththe.ela.jayen jaya brooooooo

Madhu said...

ela machan post eka godak wedagath wistara karala dapu nisa

shanaka said...

නියමයි.

Post a Comment

 
Blogger Templates