අද පොස්ට් එක වෙන්නේ හැම දෙනාම වගේ දන්න දෙයක් ගැන තමයි. මේ ගැන කියලා දෙන්න දෙයක් නැති තරම් මොකද ඒ තරමටම මේ දේ පාවිච්චි කරන නිසයි එත්. මම අද කියලා දෙන්න යන්නේ Dialog time based internet package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ ගැනයි.
මුලින්ම අපි මේ time based package එක මොකක්ද කියලා බලමු මේ ගැන නම් කියන්න දෙයක් නැහැ එත් නොදන්න අය වෙනුවෙන් මේ කොටස දාන්නම වෙන නිසා ලියන්නම්. Dialog විසින් අන්තර්ජාලය භාවිතා කරන කාලය පදනම් කරගෙන හදුන්වාදිපු package එකක් තමයි මෙක. විනාඩි 30 , පැය 2, පැය 5, පැය 12,පැය 24 විදිහට ලබාගන්න පුලුවන් මෙවාගේ ගනන් ගැන කිව්වොත්(බදු රහිතව) පිළිවෙලින් රු.20.00 ,රු.50.00,රු.100.00,රු.200.00,රු.400.00. මේ package වලින් විනාඩි 30 සහා පැය 2 කියන package හැර අනිත් package සියල්ල එවාට නියමිත දත්ත සිමාව ඉක්මවවුවාට පස්සේ speed limit එක්කට යටත් වෙනවා උදාහරණයක් ලෙස කිව්වොත් රු.100.00 පැය 5 package එක 500MB ඉක්මවු විට අන්තර්ජාල වේගය 100kbps වගේ අගයකට සිමා වෙනවා. මෙන්න මේ හේතු නිසා ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ dialog පැය දෙක package එකයි. මෙක activate කරගන්නේ මෙන්න මෙහෙමයි KBB 50 කියලා 678 sms එකක් දාන්න. තව දෙයක් කියන්න ඔන හැම විටකදිම package එක active කල සැනින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න එපා මොකද සමහර අවශ්තා වල සල්ලි කැපුනත් package එක activate වෙලා නැති අවශ්තා ඔන තරම් තියෙනවා හැම විටම MBB කියලා 678 sms එකක් යවලා package එකේ balance එක check කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. නැත්නම් ඔයලාගේ ගිණුමේ සල්ලි නිකරුනේ කැපෙවි. ඉලග දේ තමයි අපිට මේ පැය දෙකේ package එක කැමති වාර ගනනක් යොදන්න පුලුවන්.ඔයාලට අවශ්‍ය නම් පැය හතරක් .ඔයලා කරන්න ඔන මේ package එක දෙවරක් activate කිරිම පමණයි අද දවස වෙනකොට බදු සහිතව රු.64.00 කට ආසන්න ගනනක් මේ package එකට කැපෙනවා.ඒ වගේම දින තුනක් සදහා මෙක වලංගුයි.
දැන් අපි package එකේ විස්තරේ දැනගත්තා ඉලගට කියන්න යන්නේ වැදගත්ම කොටසයි ඒ මේ පැකේජ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැටි ගැනයි. මේ package එක 4g හැර අනිත් සියලුම දුරකථන තරංග භාවිතයෙන් පාවිච්චි කරන්න පුලුවන් උදාහරණ කිව්වොත් GPRS,EGPRS,UMTS,HSPA,HSPA+,DC-HSPA+ කියන dialog ආයතනය ලබාදෙන සියලුම වර්ග වල තරංග මේ සදහා වලංගුයි. මේවගේ වේග ගැන කතා කලොත් මුලින්ම ගොඩ දෙනෙක් අතර තියෙන ලොකු වැරදි මතයක් අයින් කරන්න ඔන ඒ තමයි networking වලදි දත්ත සම්ප්‍රේෂණ වේග අපි හැම විටම කියන්නේ mbps වලින් හෝ kbps වලින් මේවගේ තේරුම තත්පරයට මේගා බිට්(megabit per second) සහා තත්පරයට කිලෝ බිට්(kilobit per second) යන්නයි නැතුව තත්පරයට මේගා බයිට්(MBps) හෝ තත්පරයට කිලෝ බයිට්(KBps) නොවෙයි. Bit අගයක් byte අගයක් කිරිමට 8 බෙදිය යුතුයි. ඉට හේතුව බිට් 8 = බයිට් 1 වන නිසයි .මේ අනුව අපිට අපේ dongle එකේ පෙන්නන අගය 8 බෙදු විට ලැබෙන අගයක් තමා idm එකෙන් හෝ torrent වලින් ලැබෙන්නේ මොකද dongle එකේ පෙන්නනේ mbps වලින් උනත් idm සහා ටොරන්ට් වල පෙන්නනේ MBps වලින් විමයි.මෙන්න මේ පොඩි කාරණය නිසා රැවටෙන කට්ටිය අති විශාලයි මොකද සමාගම් විසින් ලබා දෙනවා යයි පවසන වේගය හැම විටම මේ කියන mbps අගයකිනුයි කියන්නේ ඉතින් මේ ගැන නොදන්න අය හිතන්නේ 7.2mbps වේගයක් දෙනවා කිව්වොත් අපිට තත්පරයට මෙගා බයිට් 7.2 ක වේගයක් ලබා ගන්න පුලුවන් කියලයි එත් එක වැරදි මොකද ඔවුන් වේගය සදහන් කරන්නේ මම කලින් සදහන් කල විදිහට තත්පරයට මේගා බිට්(megabit per secon) විදිහටයි ඉතින් අපිට ලැබෙන download speed එක 8 බෙදිලා තත්පරයට මෙගා බයිට්(megabytes per second) අගයක් ලෙසයි මේ අනුව බැලුවම අපිට 7.2mbps hspa සම්බන්ධතාවයකින් ලබා ගන්න පුලුවන් උපරිම download speed එක 900KBps(තත්පරයට කිලෝ බයිට්) සහා 1MBps(තත්පරයට මෙගා බයිට්) අතර අගයක් ලැබෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි ඇති. 4g සම්බන්ධතාවයකින් උනත් ඇත්තටම අපිට ලැබෙන්නෙ 100/8 MBps අගයක් බව ඔයාලට පැහැදිලි ඇති. එත් මේ සදහන් කල වේගයෙත් තව ලොකු වංචාවක් තියෙනවා ඒ තමයි මේ කියන 7.2mbps කියන්නේ tower එකට හසුරවන්න පුලුවන් උපරිම වේගය හෙවත් ඒ tower එක එකම එක user කෙනෙක් පාවිච්චි කරන විට ලැබෙන වේගයයි.එත් ඇත්ත ලොකයේදි එකම tower එකක් අති විශාල ගනනක් පාවිච්චි කරනවා මේ නිසා අපිට ලැබෙන්නේ මේ සදහන් කරන අගයට වඩා ගොඩක් අඩු අගයකුයි.
හොදයි දැන් අපි අන්තර්ජාල වේගයේ නියම තත්වය දන්නවා
දැන් අපි බලමු dialog පැය දෙක ඇතුලත download කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය රදා පවතින කරුණු සහා ඒ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් ක්‍රම ගැන
පලවෙනියෙන් වැදගත් වන කරුන තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන වේලාව මම කලින් කිව්වා වගේ එකම tower එකෙන් අන්තර්ජාලයට සම්බන්ධ වන ප්‍රමාණය වැඩි වන විට අන්තර්ජාල වේගය අඩුයි මේ නිසා හැකිතාත් රාත්‍රි 12.30 සහා උදේ 5.30 වගේ වේලාවක download කරන්න පාවිච්චි කරන්න.
දෙවෙනි කරුණ තමයි අපිට ලැබෙන සිග්නල් ප්‍රමාණය අපිට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු නම් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙවල් කිහිපයක් තියෙනවා එකක් තමයි. Usb cable එකකින් dongle එක පරිගණකයට සම්බන්ධ කිරිම ඒ වගේම දැන් අලුතෙන් එන ගොඩක් dongle වලට බාහිරින් antenna සම්බන්ධ කල හැකි port තියෙනවා ඉතින් තමන් ගොඩක් සිග්නල් අඩු පැත්තක ඉන්නවා නම් ඒ වගේ dongle එකක් මිලදි ගන්න මේ වගේ dongle එක්කට උදාහරණයක් කිව්වොත් huawei E3372 dongle එක මේ වගේ externel antenna port තියෙන dongle එකක්.
ඉලගට වැදගත් වෙන කරුණ තමයි අපි පාවිච්චි කරන signal වර්ගය. HSPA ගැන කිව්වොත් හොද signal තත්වයක් තියෙනවා නන් මම කලින් කිව්ව වේලාවක internet use කරනවා නම් IDM එකෙන් සහා ටොරන්ට් එකෙන් 600KBps-1MBps අතර වේගයක් ලබා ගන්න පුලුවන්. පැය දෙක තුල 4.5gb වලට වැඩි data ප්‍රමාණයක් ගන්න පුලුවන්. HSPA+ වලින් නම් 900KBps-1.3MBps අතර වේගයකින් 6gb වැඩි data ප්‍රමාණයක් පැය දෙක තුල ගන්න පුලුවන. ඉලගට අලුතින් එක් උන ගොඩ දෙනෙක්ට තමාත් අලුත් signal වර්ගය තමයි DC-HSPA+ කියන්නේ මේ signal තමයි දැනට dialog පැය දෙක සදහා පාවිච්චි කරන්න පුලුවන් වේගවත්ම signal වර්ගය. මේ signal වලින් පැය දෙක තුල 1.3MBps-2.4MBps අතර වේගයකින් 15gb කට වැඩි දත්ත ප්‍රමාණයක් download කරගන්න පුලුවන්.මේ සදහන් කල අගයන් සියල්ල ඔබේ සිග්නල් ප්‍රමාණය හා භාවිතා කරන වේලාව අනුව වෙනස් වෙනවා.
ඉලගට බලපාන දේ තමයි ඔබේ dongle එක.ඔයාලට තියෙන signal වර්ගය අනුව ගැලපෙන dongle එකක් තොරගන්න.තමන් ඉන්න පළාතට HSPA හෝ HSPA+ තියෙනවා නම් ඉට ගැලපෙන එකක් තොරගන්න,තමන්ගේ පළාතට 4g දුන්නා නම් බොහො දුරට DC-HSPA+ සිග්නල් ලැබෙනවා ඉතින් ඔයාලට ඉට ගැලපෙන dongle එකක් ගත්තොත් වැඩිම gb ගානක් ලේසියෙන්ම download කරගන්න පුලුවන් වේවි.විශේෂයෙන්ම 4g dongle එකක් මිලට ගත්තොත් එහි අනිවාර්යයෙන්ම මේ කියන සියලු තරංග තියෙනවා .මේ signal අතරින් වැඩිම වේගයක් සහිත වැදගත්ම signal වර්ගය මේ කියන DC-HSPA+ signal ලුයි. පාවිච්චි කරන අය නම් මේ ගැන හොදටම දන්න්වා.
ඒ වගේම download කරද්දි හැමවිටම වේගයෙන් වැඩි link තොරගන්න torrent බානවා නම් seed වැඩි ගානක් සහිත torrent file තොරගන්න ඒ වගේම හැමවිටම IDM(internet download maneger) එක පාවිච්චි කරන්න උත්සහා කරන්න.idm කිසිම අවුලක් නැතුව use කරන්න පුලුවන් එකක් මම blog එකේ දලා ඇති එක ගත්තේ නැති අය එක ගන්න.ඒ වගේම baiscopelk එකේ සියලු tv series සදහා direct link මම දිලා ඇති blog එකේ එකත් බලන්න.
තව ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි dialog වල recharge card දාන්නයි balance බලන්නයි ussd code නැතුව ක්‍රමයක් කියන්න කියලා මොකද ගොඩක් dongle වල ussd වැඩ නැති නිසා phone එක්කට sim එක ගලව ගලව දාන එක එපා වෙන නිසා එයලාට පුලුවන් මෙන්න මේ විදිහට ඒ දේ කරගන්න card දාන්න TOP recharge card number එක දලා 123 ට sms පණිවිඩයක් දලා card දාන්න. ඒ වගේම BAL කියලා 456 ට sms එකක් දලා balance එක බලන්න. Data balance බලන්න MBB කියලා type කරලා 678 msg එකක් දාන්න. ඔයාලට මේගැන තියෙන වෙනත් ගැටලු අහන්න.
35 comments:
Antenna Kohenda ganne
Computer shop godaka dn oya antenna thiyenawa ebay eken thawa aduwata genna ganna puluwan bro
Pattama patta saho.nodanna dewal godaka denagaththa. niyamai. me wage dewal nodanna apita kiyala dena oyaata thawath me wede hodata karagena yanna puluwan we waa kiyala hadawathinma suba pathanawa. ela bro.. ela.
Akhila comment ekata godak thanks bro
මෙව්වනේ යකෝ post ඈ............... :D
සිරාවටම නූලට explain කරලා තියෙනවා .... ජය වේවා.....!!
#ashan godak thanks comment ekata
Sameera post 1 nm ela. Puluwan nm dialog dongle 1k unlock kara gnna hati kiyala diyanko...
ඇත්තටම නියමයී මචන් මගේ highest speed 1.3MB/s
Aniwa dennam saho
හොද පෝස්ට් එකක් සහෝ.
මචන් Home Page එකේ Full Post එකම දාන්න එපා [ jump break එක තියන්න ]
niyamai machn. sim 1 galwnne nethuwa recharge karana widiha kiyala dunnata. elama
ela.. use karata ada thamai samahara dewal igenagtte.. thanks
ela.. use karata ada thamai samahara dewal igenagtte.. thanks
mage thiyenne dialog tab ekak...eken KBB 50 gahala 678 sms kalata msg eka yanneth naha...sim eka wena phone ekakata dala active karanna one
supiri blog eka aiye.keep it up
supiri blog eka aiye.keep it up
KBB kiyala type karala aniwa histhenak thiyala 50 gahanna nethnam msg eka yanne ne 678 ta
Supiri Sameera Bro...oyanam ela kollek
Thanks bro. Patta post eka.👌
THANKS BROOOO
Mata nexus kiyala music software akak thiyenawa ake mb adu karala ganna puluwan link denna puluwandha broo me nexus kiyanne pino plugin akak !!!
ස්තූතියි යාළුවා.
mchn me 5o pakage ekn...apita kochchra deta prmanyk download krgnna puluwnda
Niyamai bro...well said!!
ganna ona dongle huawei eka model eka mokakda?
බිටු කතාව තේරුනේ නැහ් හරියට...7.2megabit per second mega byte per second කරන විදිහ කියලා දෙන්න..
ela
එල Post එක සහෝ.
එල Post එක සහෝ.
Ela bro
My dialog eke RS.20 package Eke 500mb pannata passe data speed eka slow wenavada?
RS.20 pakege eke 500mb use karata passe network slow wenawada?
Oyage fb name eka mokadda?oyawa contact karaganna mokak hari kramayak ewanna mata...
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download Now
>>>>> Download Full
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download LINK
>>>>> Download Now
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download Full
>>>>> Download LINK
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download Now
>>>>> Download Full
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download LINK
>>>>> Download Now
Sinhala Computer Tutorials: Sameera Tutorial 29 - Dialog Time Based Package එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මෙහෙමයි >>>>> Download Full
>>>>> Download LINK KO
Post a Comment