Tuesday, July 5, 2016

#sameera tutorials 66-ඔබගේ Android දුරකථනය මගින් පරිගණකය සමග File copy paste කරද්දි එන erorr හදාගන්න හැටි

ඔන්න මේ පොස්ට් එකත් ගොඩ දෙනෙක්ට ඉතාම වටිවි. ඔයලා හැමොම අද වෙනකොට Android දුරකථනයක් පාවිච්චි කරනවා කිව්වොත් නිවැරදි. අපි අපේ Android දුරකථනය පරිගණකය සමග usb cable මගින් සම්බන්ධ කරලා විවිධ file හුවමාරු කරගන්නවා එත් සමහර අවස්ථා වල අපිට විවිධ දෝෂ හටගන්නවා ඇතැම් විට පරිගණකය මගින් ජංගම දුරකථනය හදුනාගන්නේ නෑ. නැතිනම් හදුනා ගත්තත් මෙන්න file copy paste කිරිමෙදි මේ පහළ මම දක්වලා තියෙන "A device attached to the system is not functioning" මෙන්න මේ erorr එක පෙන්නවා.
මෙන්න මේ දෝෂය බොහෝ Android ජංගම දුරකථන වල හටගන්න දෙයක්.ගොඩ දෙනා හිතන්නේ මේ erorr ජංගම දුරකථනයේ os එකේ අවුලක් හෝ
අපේ පරිගණකයේ usb drives වල අවුලක් කියලයි. එත් මේ දේ අදහස වැරදි.ප්‍රධාන පෙලේ android දුරකථන සමාගමක් වන samsung සමාගමේ ජංගම දුරකථන අලුත් වැඩියාකරන්නන් වෙනුවෙන් තිබෙන technical support එකට අනුව මම කලින් සදහන් කල මේ දෝෂයට ප්‍රධාන හේතුව අප භාවිතා කරන usb cable එක දෝෂ සහිත විමයි original usb cable එකක් භාවිතයෙන් මේ දෝෂය ලේසියෙන්ම ඉවත් කරන්න පුලුවන් ඒ නිසා මේ erorr එක ආවොත් කලබල වෙලා පරිගණකයට අලුතෙන් os ගහන්නවත් Android දුරකථනයට os ගහන්නවත් යන්න එපා දෝෂයට හේතුව වන usb cable එක මාරු කරලා බලන්න මේ දෝෂය ලෙසියෙන්ම ඉවත් කරගන්න පුලුවන්. එත් මේ දෝෂය පවතිනවා නම් ඉට හේතුව ඔබගේ ජංගම දුරකථනයේ usb port එක දෝෂ සහිත විමත් වෙන්න පුලුවන්. 

1 comments:

Anonymous said...

1xbet - Vie Casino
1xbet was 1xbet one of the first companies owned by dafabet link the Vie Group, founded in 1990. In 2001 it was acquired by Vies for US$500 million 메리트카지노 and has a headquarters in Hamburg, Germany.

Post a Comment

 
Blogger Templates