Saturday, June 18, 2016

#sameera tutorial 48-hacking පාඩම් මලාව command prompt part 2

හොදයි ඔන්න ඊයේ පොරොන්දු උනා වගේ hacking post sereis එකේ දෙවෙනි කොටස අරන් අවා ඊයේ අපි කතා කලේ hacking වලට command prompt එක වැදගත් වෙන්නේ කොහොමද සහා එකේ ඉතිහාසය ගැනයි. අද කියලා දෙන්න යන්නේ command prompt එකේ අත්‍යවශ්‍ය basic code කිහිපයක් සහා පාවිච්චියේදි අවශ්‍ය keyboard short cut ගැනයි.
හොදයි මුලින්ම අපි බලමු command prompt එක open කරගන්න ආකාරය අනුව එක බෙදෙන කොටස් සහා ඒ ඒ විදි වලට command prompt එක open කරගන්න හැටි ගැනයි.ඒ ඒ විදි වලින් command prompt එකට තියෙන ක්‍රියාකාරිත්වයේ බලපෑම් ගැන

1.සමාන්‍ය මාදියෙන් user acount එකෙන් command prompt එක ලබා ගැනිම


2.administrator යටතේ command prompt එක ලබා ගැනිම

කලින් දුන්න screen shot වල දුන්නා වගේ සමාන්‍ය විදිහට command prompt එක ලබා ගත්තොත් අපිට command prompt එකේ පෙන්නන file directory එක  c:\user\sameera sandaruwan මේ මගේ user profile එකට අදාළ file directory එකෙනුයි මට command prompt එක ලැබෙන්නේ.
මම administrator යටතේ command prompt එක ගත්තොත් මට එක ලැබෙන්නේ c:\windows\system32\ කියන windows file directory එකේ සිටයි. මේ විදි දෙකට ලබා ගන්න command prompt වල විශාල වෙනසක් තියෙනවා ඒ තමයි අපිට C partision එකට අදාළ වෙනසකමක් කරන්න හෝ system එකට සම්බන්ධ බලයෙන් වැඩි code පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ administrator යටතේ run කලොත් පමණයි. Hacking වලට අපිට ඔන වෙන්නේ මෙන්න මේ administrator command prompt එකයි. එත් අපි දැනට ඉගෙන ගන්න නිසා අපි පාවිච්චි කරන්නේ සමාන්‍ය command prompt එක පමණයි.
අපි දැන් බලමු windows පරිගණකයක command prompt එක ලබා ගන්නේ කොහොමද  කියලා

1.Run command භාවිතයෙන්
මෙකෙදි අපිට කරන්න තියෙන්නේ පරිගණකයේ  desktop එකට ඇවිත් keyboard එකේ windows key එක සහා R අකුර එකවර තද කිරිමයි. එතකොට ඔයාලට එවි Run box එක මෙකෙ cmd කියලා ගහලා ok දුන්නම command prompt එක සමාන්‍ය මාදිලියෙන් open වෙවි

2. Start menu එක පාවිච්චි කරලා
ඔයාලා පාවිච්චි කරන windows os එක මොකක් උනත් start menu එකට ගිහින් serch bar එකේ cmd කියලා ගහලා serch කලාම ඔයාලට command prompt එක ලැබෙනවා.මේ ලැබෙන එක click කලාම command prompt එක සමාන්‍ය මාදිලියෙන් open වෙනවා.ඔයාලට administrator විදිහට මෙක open කරන්න ඔන නම් කරන්න තියෙන්නේ මෙකේ right click කරලා එන menu එකෙන් run as administrator දෙන්නයි.

3.windows x menu එක භාවිතයෙන්
මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන් windows 8 වලට ඉහළ os පාවිච්චි කරන අයටයි. ඔයාලට කරන්න තියෙන්නේ desktop එකට ඇවිත් keyboard එකේ windows key එක සහා x අකුර එකවර ඔබන එකයි එතකොට ඔයාලට පොඩි list එකක් ලැබෙයි. මෙකෙන් command prompt කියන එක දුන්නම සමාන්‍ය මාදිලියෙනුත්. Command prompt (Admin) කියන එක දුන්නම administrator මාදිලියෙනුත් අපිට open කරගන්න පුලුවන්

හොදයි  දැන් අපි මේ කියලා දුන්න ක්‍රම වලින් එකක් පාවිච්චි කරලා සමාන්‍ය මාදියෙන් command prompt එක run කරගමු අපි දැනට ඉගෙන ගන්න නිසා administrator මාදිලිය අවශ්‍ය වෙන්නෙ නෑ
දැන් ඔයාලට පහල වගේ සමාන්‍ය මාදිලියෙන් command prompt එක ලැබිලා ඇති දැන් ඔයාලා බැලුවොත් පෙනෙයි අපි ඉන්නේ user profile directory එකේ බව.  හොදයි දැන් අපි අපේ පලවෙනි code එක වන help code එක ඉගෙන ගනිමු. ඔයාලා help කියලා type කරලා enter කරන්න.
දැන් ඔයාලට මේ පහල වගේ command prompt එකේ තියෙන basic command වල list එකක් සහා එවගෙන් වෙන කාර්යන් පෙන්නන list එකක් ලැබෙවි ඒ ලිස්ට් එකේ ඉහලට පහලට ගිහින් කියවන්න ඔයාලට තරමක ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මේ code වලින් වෙන දෙවල් ගැන පොඩි දැනුමක් ගන්න පුලුවන්  වෙවි
අපි මේ list එකේ code සහා මෙතන නැති අනිත් code ගැන පිළිවෙලට ඉගෙන ගමු. දැන් මේ command prompt එක help command එකෙන් පිරිලා නිසා මම screen එක clear කරගන්න cls command එක පාවිච්චි කරනවා මම cls කියලා type කරලා enter කරනවා.
එතකොට මට මේ වගේ screen එක සුද්ද වෙලා පෙන්නවා ඒ කියන්නේ කලින් ගහපු code command prompt එකෙන් ඉවත් විමයි .
ඉලගට අපි හදන්නේ.file browse කරන්නයි මෙකට අපි පාවිච්චි කරන්නේ CD command එකයි මෙකට අපි කියනවා change directory කියලා. අපි දැන් ඉන්නේ c:\user\sameera sandaruwan කියන user profile එකට අදාළ directory එකෙයි මට මේ directory එකේ root එක වන C: එකට එන්න ඔන නම් මම CD\ ලෙස type කරලා enter දෙනවා
මෙහෙදි "CD" command එක directory එක වෙනස් කරන්නත්, "\ " සලකුණ root එක එහෙමත් නැතනම් දැන් ඉන්න directory එකේ මුල වන C: එකට යන්න කියලත් යොදනවා. දැන් මම ඉන්නේ C: එකෙයි. මට ඉතුරු code c එකේ ඉදන් කරන්න බැරි නිසා මම D: partision එකට මාරු වෙනවා මෙකට D: කියලා type කරලා enter දෙනවා
දැන් මම ඉන්නේ D: එකේ දැන් මට මේ D: partision එක ඇතුලේ තියෙන folder වල list එකක් දකින්න ඔන නම් Dir කියලා type කරලා enter ඔබනවා එතකොට ඔයාලට මේ වගේ list එකක් විදිහට ඒ විස්තර පෙන්නයි.
දැන් අපි බලමු මේ folder ඇතුලට යන්නේ කොහොමද කියලා. මෙකට අපි පාවිච්චි කරන්නේ CD command එකයි. අපි CD කියලා type කරලා හිස්තැනක් තියලා keyboard එකේ Tab key එක press කලාම ඔයාලට පෙනෙයි අපි ඉන්න directory එකේ තියෙන folder වල නම් පෙන්නන බව මෙතනදි D එක ඇතුලේ තියෙන හැංගුනු folder පවා පෙන්නයි උදාහරණයක් කිව්වොත් $RECYCLE.BIN ලෙස පෙන්නනේ අපි D එකෙන් දෙයක් delete කලාම වැටෙන folder එකයි. මෙහෙම Tab key එක press කර කර එතන තියෙන ඔයාල කැමති folder එකක් නම පෙන්නුවම enter ඔබන්න. මෙන්න මේ විදිහට තමයි ඔනම folder එකක් ඇතුලට යන්නේ.මම කලින් new කියලා folder එකක් හදලා තිබ්බා(හදලා නැත්නම් code එක ගහන්න කලින් D එකේ new කියලා folder එකක් හදන්න) මම එකට යනවා.
දැන් මම ඉන්නේ D එකේ new කියන folder එක ඇතුලෙයි. දැන් මම මේ new කියන folder එක ඇතුලේ තවත් folder එකක් හදන්නයි යන්නේ මෙකට මම පාවිච්චි කරන්නේ MD command එකයි. මෙකේ තෙරුම make directory කියන එකයි. මම MD හිස්තැනක් තියල a කියලා type කරලා enter කලොත් මම ඉන්න directory එක වන D:/new/ වල a කියලා folder එකක් හැදෙනවා.
දැන් අපිට ඒ folder එකට යන්න ඔන නම් අපි පාවිච්චි කරන්න ඔන command එක CD බව ඔයලා දන්නවා. CD a කියලා type කරලා enter කරලා හෝ CD හිස්තැනක් තියලා keyboard එකේ Tab key එක press කර කර a කියන එක පෙන්නුවම enter ඔබලා අපිට a folder එකට යන්න පුලුවන්.
ඒ වගේම තව කියන්න ඔන දෙයක් තමයි අපි මේ ගහන command ආය ආයේත් type කරන්න ඔන නෑ keyboard එකේ up down arrow කි වලින් පරන ගහපු code ආයේ ගන්නත් පුලුවන් එකෙන් ඔයාලගේ වෙලාව ඉතුරු වෙයි.  අදට command prompt එක close කරලා දාන්න. අපි අද මුලික code ගැන ඉගෙන ගත්තා.මම හිතුවට වඩා පොස්ට් එක දිග වැඩි උනා ඒ නිසා අදට නවතිනවා.හෙට MD code එකේ ඉතුරු ටිකයි අපි මේ දෙන code  script එකක් විදිහට .bat format එකෙන් save කරලා run කරන හැටි ගැනයි ඉගෙන ගමු. මේ පොස්ට් sereis එක දිගටම සංකිර්ණ කොටස් දක්වා මේ command line codeing කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ කොටස් හොදින් බලාගෙන නොතෙරුන තැන් අහන්න. නැත්නම් ඉස්සරහට දෙන කොටස් අමාරු වෙවි.ඔයාලට සුභ දවසක් වේවා.

17 comments:

Unknown said...

Thanx bro........

Unknown said...

Thnx saho....

gayan said...

Elzzx

Unknown said...

Thanx..digatama karagena yan..

Unknown said...

Thanx..digatama karagena yan..

Unknown said...

Thanx..digatama karagena yan..

Unknown said...

Pls continue .thanks brother

Unknown said...

පුංචි දෙයක් එකතුකරන්න ඕන.එකම විට ෆෝල්ඩර්ස් කිහිපයක් එක විධානයකින් නිර්මාණය කල හැකියි. උදාහරණයක් ලෙස A,B,C,D,E ලෙස නම්කළ ෆෝල්ඩර්ස් 5 ක් එකවිට නිර්මාණය කර ගන්න ඕනි නම්.ඉහත සදහන් කල අයුරින්ම හිස්තැන් තබමින් විධානය ටයිප් කරන්න.
E:\> md a b c d e

Sameera Sandaruwan said...

Dinesh heta oya kotasa thama kiyanne ekai mama md eke thawa kotasak thiyenawa kiwwe heta post eke ekawara folder kihipayak hadana ape uda yaluwa kiwwa MD a b c d wageema nama kotas dekak sahitha folder ekak hadana(MD "New folder") heti genai md code eke karanna thiyenne .ita passee mama command script liyana kotasa heta patan gannawa

Unknown said...

නියමයි ...හොදින් හිතට වදින විදිහට ඔයා වැඩේ කරනවා.ඉගනගත්තු දේ වෙන කෙනෙකුට අඩු නැතුව කියල දීල ලබන තෘප්තිය කියල නිමකරන්න බෑ නේද?
තව දෙයක් හදල තියෙන ෆෝල්ඩර්ස් නිසි පිළිවෙලට තියෙනවද කියල බලන්න පුළුවන් tree කියන විධානයෙන් පුළුවන්.මලේ ඒගැනත් පොඩ්ඩක් සදහන් කරන්න.

Sameera Sandaruwan said...

#Dinesh comment ekata godak thanks bro ada post eken MD command eka iwara kala e wagema command script liwima kotase basic dewal igennuwa. Heta directory ekka liyalu follder path debedum suchiyak widihata pennana tree command saha del ha copy commnd genath command script liyana eka thawa wedi duratath kiyala denawa

Unknown said...

Thanks bro

Unknown said...

patta bn post ake

Malinda Malshan said...

Ela aiye

Unknown said...

supipri

Unknown said...

supipri

Anonymous said...

Sinhala Computer Tutorials: Sameera Tutorial 48-Hacking පාඩම් මලාව Command Prompt Part 2 >>>>> Download Now

>>>>> Download Full

Sinhala Computer Tutorials: Sameera Tutorial 48-Hacking පාඩම් මලාව Command Prompt Part 2 >>>>> Download LINK

>>>>> Download Now

Sinhala Computer Tutorials: Sameera Tutorial 48-Hacking පාඩම් මලාව Command Prompt Part 2 >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

 
Blogger Templates