Friday, July 1, 2016

#sameera tutorial 61-hacking පාඩම් මලාව command prompt part 10

ටික දවසක් මේ පොස්ට් sereis එක දෙන්න බැරි උනා පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා. ඔන්න කොහොමහරි අද command prompt පාඩමේ 10 වෙනි කොටසයි මේ ඔයාලට දෙන්නේ. කලින් දුන්න පොස්ට් කියෙව්වේ නැති අය මෙතන click කරලා ඒ පොස්ට් ටික part 1 ඉදන් පිළිවෙලින් කියවන්න. හොදයි අද පොස්ට් එකේ මුලුන්ම
මට කියලා දෙන්න බැරුව මග හැරුණු මමත් මේ ලගදි දැනගත්ත sortcut එකක් ගැන කියලා දෙන්න හිතුනා. ඔයාලට මතක ඇති මම අපේ යාලුවෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් වන ඉන්න directory එකෙන් level එකක් up වෙන්න පුලුවන් command එකක් තියෙනවද කියන එකට උත්තරේ විදිහට කිව්වා CD command  එක සතුව තියෙන එකම perameter එක වන /D හරහා පමනක් එකවර directory එක මාරු කරන්න පුලුවන් ඒ හැර level එකක් up වෙන්න ක්‍රමයක් නෑ කියලා. මොකද help CD මගින් ලැබෙන CD command එකට අදාළ help prompt එකේ perameters වලින් අපිට කිසිම සදහනක් මේ ගැන තිබුනේ නෑ ඉතින් අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ විදිහට ඉවර කලා එත් කාලයක් තිස්සේ මටත් ඔය ප්‍රශ්නේ පුද්ගලිකව හිතුනා එත් ක්‍රමයක් හම්බ උනේ නෑ එත් මම මේ ප්‍රශ්නේ නැවතත් මතු උන නිසා ඒ ගැන අන්තර්ජාලයේ ලොකු සොය බැලිමක් කලා මේ දේ කරන්න පුලුවන් විදිහක් ඇත්තෙම නැද්ද කියලා එතනදි මට මේ දේ කරන්න ක්‍රමයක් හම්බ උනා මෙක ඇත්තටම sort code එකක් perameter එකක් නෙවේ එකයි. අපිට මේ ගැන help command prompt එකේ දකින්න ලැබුනා. එත් perameters එකක් විදිහට නෙවේ එකයි අපිට මෙක මිස් උනේ . අපි ඉන්න directory එකකින් level එකක් උඩ තියෙන directory එකට යන්න කරන්න තියෙන්නේ CD .. ලෙස type කර enter කිරිමයි
මෙහි ඩොට් සලකුනු දෙක මගින් තමා මේ level එකක් up විම සිද්ද වෙන්නෙ මෙන්න මේ ඉහළ screen shot එකේ වගේ. හොදයි ඔන්න ඒ කොටසත් ඉවරයි. මම ඔයාලට දෙන මේ දැනුම මට හැකි තාක් ඉහලම මට්ටමෙන් දෙන්න මම කටයුතු කරනවා ඔයලා අන්තර්ජාලයේ තියෙන ඕනෑම භාෂාවකින් තියෙන command prompt  leason එකක් සමග මම මේ දෙන leason sereis එක සසදා බලන්න මම වගකිමෙන් කියනවා කිසිම වෙන leason sereis එක්ක එක command එකක් ගැන තියෙන සියලු විස්තර සහා perameters ගැන කියලා දෙන leason sereis එකක් නෑ මේ sereis එකේ කියලා දෙන තරම්. ඉතින් මේ sereis එකෙන් ඔයාලට ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනය ගන්න. හොදයි මේ පොස්ට් එකෙන් අපි ඉලගට ඉගෙන ගන්න යන්නේ del සහා Erase  command  ගැනයි ඔයලා හැමොම නමින් දන්නවා මෙවා පාවිච්චි කරන්නේ file delete කරන්න බව මුලින්ම මේ leason එක පටන් ගන්න කලින් කියන්නේ මේ code එක පාවිච්චි කරද්දි අවබෝධයෙන් පාවිච්චි කරන්න වැරදිමකින් අත්‍යවශ්‍ය file delete වෙන්න පුලුවන් ඒ නිසා පුලුවන් තරම් මෙකෙ අත්හදා බැලිම් සදහා pen drive එක්ක directory එකක් use කරනවා නම් වඩාත් හොදයි. හොදයි අපි ආයෙත් පාඩම දිහාට එමු. Del සහා Erase command ක්‍රියාකාරිත්වය හා perameters අතින් 100% සමාන වෙනවා අපි මුලින්ම මේ සදහා තියෙන help prompt එක ලබා ගමු Help Del කියලා type කරලා මේ පහළ වගේ .
අනිත් command වල වගේම මෙහිත් ඉහළින්ම command එකේ පොදු කාර්ය පිළිබඳ විස්තරයක් අඩංගු වෙනවා. ඉළගට command එක සමග perameters ලිවිය යුතු පිළිවෙල සදහන් වෙනවා ඉලගට එක් එක් perameters වල කාර්යන් ගැන විස්තර සදහන් වෙනවා අපි වැදගත් perameters කිහිපයක කාර්යන් ගැන දැන් බලමු පලවෙනි perameter එක තමයි /P මෙකෙන් වෙන්නේ අපි Del command එකෙන් දෙයක් delete කරද්දි delete කරන්නද එපාද කිය confirmation එකක් ලබා දිමයි. /F perameter එක මගින් read only file delete විමට බල කරයි. /S perameter එක විශේෂ file delete කිරිමට යොදාගනි /A මගින් Hidden file , system file, read only file වගේ විශේෂ attributes සහිත file delete කල හැකි මෙහිදි help prompt එකේ දිස් වන attributes ලැයිස්තුවට අදාල අකුරු /A සමග සදහන් කල යුතුයි උදාහරණයක් ලෙස hidden file delete විම සදහා /A:H ලෙස perameters සකස් විය යුතුයි. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු මම මුලින්ම file එකක් delete කරලා පෙන්නන්ම් මුලින්ම මම D: partition එකට යනවා ගිහින් එහි තියෙන new කියන folder එක ඇතුලට ගිහින් එහි තියෙන 1.jpg කියන image file එක Del 1.jpg කියලා දිලා enter කරනවා එතකොට මේ file එක delete වෙනවා
අපිට මේ වැඩෙම D:\new  directory එකට command prompt එකෙන් නොයා Del D:\new\1.jpg ලෙස දිලා enter කරලා කරගන්නත් පුලුවන්.
අපි ඉලගට මේ කේතයම /P perameters එක සමග පහල වගේ ගැහුවොත්. delete confirmation කරන්න පහල වගේ Y එකක් type කර enter කල යුතුයි එවිටයි file එක delete වෙන්නේ.
මෙය වටින file delete විම වලක්වන්න යොදාගන්න පුලුවන්. ඉලගට විශේෂ file format එක්ක file පමනක් delete විමට නම් මේ පහළ වගේ Del D:\New\*.jpg ලෙස සදහන් කරලා enter කරනවා
මෙහිදි New කියන  folder එක තුල ඇති සියලු jpg format එකේ file delete වෙනවා  මෙහි * සලකුණ සියලු file name නියෝජනය කරනවා. ඉලගට අපි බලමු folder එකක් තුල තියෙන සියලු file delete කරගන්නේ කියලා මෙකෙදි මෙන්න මෙහෙම type කරලා enter කරනවා Del D:\New\*.*  මෙහි * සලකුණු සියලු file name හා format නියෝජනය කරනවා.ඒ වගෙම මෙහිදි සියල්ල delete වන නිසා delete confirm කරන්න y type කරලා enter කරන්න වෙනවා.
ඔන්න ඔච්චරයි del command එක ගැන ඉගෙන ගන්න තියෙන්නේ .අනිත් perameters ඔයලා ගෙදරදි පරිස්සමින් අත්හදා බලන්න.මේ del command එක මගින් folder delete  කරන්න හැකියාවක් නෑ file පමණයි පුලුවන් folder delete කිරිමට අදාළ RMDir command එක ගැන අපි හෙට කතා කරමු

6 comments:

Unknown said...

ela mchn

Unknown said...

එළ එළ.. ඔහොම යන්

Darshan said...

Ela mcn .. Suppa ..hetath hacking post ekak one ahh

Unknown said...

Niyamae machan

ලියන්නා said...

you can also use rmdir command to delete a directory

Vinuka Liyanage said...

නියමයි mchn!

Post a Comment

 
Blogger Templates