Sunday, July 17, 2016

#sameera tutorials 70-hacking පාඩම් මාලාව command prompt part 13

හොදයි අද පොස්ට් එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඉතාම වටින command එකක් වන Attrib command එක ගැනයි. පරණ පොස්ට් කියෙව්වේ නැති අය මෙතන click කරලා පරන පොස්ට් කියවන්න.මේ Attrib ගැන කතා කරන්න කලින් file එක්ක හෝ folder එක්ක attribute කියන්නේ මොනාද කියලා අපි කතා කරමු. ඔයාලා ගොඩ දෙනෙක් මේ දේ ගැන දන්නවා ඇති එත් නොදන්න අය වෙනුවෙනුත් දන්න අයගේ වැඩිදුර දැනුම සදහත් මේ කොටස සදහන් කරන්නම් පාඩම පටන් ගන්න කලින්.හොදයි attribute කියන එකේ තෙරුම අරන් බැලුවොත් අපිට ලැබෙන්නේ විශේෂණය කිරිම උප ලක්ෂණ වගේ තෙරුමකුයි.
අපි graphical interface එකෙදි මේ කියන attribute බලන්නේ අදාල file එක්ක හෝ folder එක්ක right click කරලා එන contex menu එකේ properties click කලාම එන properties window එකේ Attribute කියන කොටසෙනුයි මේ පහල screen shot එකේ වගේ.


මේක බලපු ගමන්ම ඔයාලට තෙරුම් යයි මේ attribute කියන්නේ file එක්ක හෝ folder එක්ක hide විම show විම read only විම වගේ දෙවල් වලට කියලා ඔව් ඔයාලා හරි එත් graphical interface එකට වඩා වැඩි බලයක් සහිත attribute, command line interface එක සතුව තියෙනවා. මුලින්ම අපි command prompt එක open කරන් Help Attrib කියලා type කරලා enter කරලා Attrib command එකේ help prompt එක ලබා ගන්නවා
එතකොට මට මුලින්ම මේ attrib command එකේ කාර්ය විදිහට file එක්ක attribute බලන්න සහා වෙනස් කිරිමට මේ attrib command එකෙන් හැකියාව තියෙන බවයි. ඉලගට attrib command එකට perameters යෙදිය යුතු පිලිවෙල සදහන් වෙනවා. ඉලගට තියෙන්නේ  attrib command එක සතු perameters වල ලැයිස්තුවකුයි. අපි වැදගත් perameters ගැන කතා කරමු. මුලින්ම ඔයාලට පෙනවා ඇති R ,A ,S ,H ,I ,X ,V ලෙස perameters වගයක් තියෙනවා මේ අකුරු මගින් විශේෂ attribute එකක් සංකේතවත් වෙනවා උදාහරණ විදිහට කිව්වොත් R මගින් file එක්ක read only කරවිම පාලනය කරනවා file එකක් read only කලොත් ඒ file එක අයිතිකරු හැර වෙන අයෙකුට වෙනස් කිරිමට හැකියාවක් නෑ උදාහරණයක් කිව්වොත් අපි ගාව word document එකක් තියෙනවා එක වෙන කෙනෙක් edit කරනවට අකමැති නම් අපිට තියෙන්නේ file එක read only කරවිමයි. ඉලගට A මගින් file archive කරවිම එහෙමත් නැතනම් ලබා ගන්න ඉඩ ප්‍රමාණය අඩු කිරිම පාලනය කරනවා. S මගින් file එකක් system file එකක් ලෙස සලකුණු කිරිම පාලනය කරනවා. H මගින් file එකක් hide(හැංගිම) කරන එක show කරන එක පාලනය කරනවා. මේ අත්‍යවශ්‍ය attribute කිහිපයකට අදාළ perameters කිහිපයක් පමණයි . මේ එක් එක් perameters එකට අදාල කාර්ය කිරිමට අවශ්‍ය නම් අදාල attribute එකට අදාල අකුරට ඉදිරියෙන් + සලකුන යෙදිය යුතුයි අදාල කාර්යට ප්‍රතිවිරුද්ධ දේ කිරිමට - ලකුණ යෙදිය යුතුයි උදාහරණයක් කිව්වොත් file එකක් hide කිරිමට +H ලෙසත් show කිරිමට -H ලෙසත් යෙදිය යුතුයි. මිලගට /S , /D ,/L ලෙස තවත් perameters තුනකුත් තියෙනවා මෙතනින් /S perameters එක මගින් අපි ලබා දෙන directory එකක් තුල තියෙන සියලු file folder වලට attribute ලබා දිමත්. /D perameters එක මගින් file සදහා මෙන්ම folder සදහාත් attribute ලබා දිම සිදු කරනවා. හොදයි අපි perameters වල කාර්යන් ගැන ඉගෙන ගත්තා අපි දැන් උදාහරණ කිහිපයක් මගින් perameters වල ක්‍රියාවන් ගැන තව දුරටත් තෙරුම් ගමු. මුලින්ම අපි බලන්නේ folder එක්ක හෝ file එක්ක තියෙන attribute check කරන හැටි ගැනයි මුලින්ම Attrib ලෙස type කරලා හිස්තැනක් තියලා අපිට පරික්ෂා කල යුතු folder එකට හෝ file එකට අදාල file directory එක දිලා enter කිරිමයි. මම මෙතනදි D partition එකේ තියෙන Recycle bin folder එකේ path එක ලබා දෙනවා එතකොට මේ පහළ වගේ මට ඒ folder එක සතු attribute පෙන්නනවා.
මේ විදිහට path type නොකර tab key එක මගින් ගන්න හැටි අපි ඉගෙන ගත්තා ඒ කොටස් අමතක කරන්න එපා .මෙතනදි මට S H ලෙස recycle bin folder එක සතුව තිබුන attribute පෙන්නවා. කලින් අපි ඉගෙන ගත්තා වගේ අපි දන්නවා S මගින් මේ folder එක system folder එකක් බවත් H මගින් මෙක hide වෙලා තියෙන බවත් බලාගන්න පුලුවන් . අපි මෙතනදි කලින් වගේ file path එකක් නොදුන්නොත් attrib command එක අපි දැනට command prompt එකේ directory එකේ path එක automatically ගන්නවා මේ ගුණය command prompt එකේ command ගොඩක තියෙනවා. ඉලගට අපි බලමු folder වල හෝ file වල attribute වෙනස් කරන හැටි ගැන මුලින්ම Attrib කියලා type කරලා මට folder එකට දෙන්න ඔන attribute වලට අදාල අකුරු type කරනවා හිස්තැන් තියලා මම S H R attribute තුන මගින් folder එකක් system, Hide, read only folder එකක් බවට පත් කරන්නයි යන්නේ එකට අදාල attribute ලබා දෙන්න +S +H +R ලෙස + ලකුන ඉදිරියට යොදලා හිස්තැනක් තියලා folder එකේ directory එක type කරලා හිස්තැනක් තියලා  /S /D perameters දෙකත් යොදලා  enter කරනවා
/S /D මගින් අපි දෙන directory එකේ තියෙන සියලු file සහා folder වලට S H R attribute ලබා දිමයි. එතකොට මේ folder එක සම්පුර්ණයෙන්ම hide විම සිද්ධ වෙනවා. මේ විදිහට hide කරපු folder එකක් graphical interface එක මගින් hide එක අයින් කරන්න බෑ ඒ නිසා මෙක file hide කරන්න පාවිච්චි කරන්නත් පුලුවන් .ඉලගට අපි බලමු අපි දිපු S H R attribute අයින් කරන්නේ කියලා එකට අපි කලින් command එකම type කරනවා එත් S H R attribute clear කරගන්න + වෙනුවට - යොදලා attrib  -S -H -R කලින් දුන්න folder එකෙම path එක දිලා කලින් වගෙම අවසානෙට /S /D විදිහට දිලා enter කරගන්නවා පහළ screen shot එකේ වගේ.
එතකොට කලින් hide උන folder එක නැවතත් පෙන්නන්න ගනි. හොදයි අපි attrib command එකත් සම්පුර්ණයෙන් ඉගෙන ගත්තා. මේ post එකත් basic command අවසන් වෙනවා හෙට ඉදන් අපි command script ලිවිම අයෙත් පටන් ගන්නවා අයේ අලුත් command ඉගෙන ගන්නේ command script හරහයි.දිගටම පොස්ට්  series එක එක්ක ඉන්න.සුභ දවසක් හැමොටම

6 comments:

Unknown said...

ela

Aaja said...

Thanks Bro

Unknown said...

mchn folder ekaka thiyena files subfolder okkotama dila thiyena access permission eka para ain karanne kohomada?

Sameera Sandaruwan said...

Access permission wenas karana heti gena wenama kiyala dennam bro aniwaryenma

Unknown said...

Mn parakku wedi nene mewa egenagnna, me karana wede nm godk warinawa bro

Unknown said...

patta bn man tikak parakui me post dakina thx bro digatama liyana

Post a Comment

 
Blogger Templates