Tuesday, July 5, 2016

#sameera tutorials 65-Converte කිරිමකින් තොරව තත්පර ගණනකින් video කිහිපයක් විදිහට තියෙන Film එකක් හෝ tv series එකක් තනි video එකක් විදිහට merge කරන හැටි


හොදයි ඔන්න අද පොස්ට් එක වෙන් වෙන්නේ ගොඩ දෙනෙක්ට වටින දෙයක් වෙනුවෙනුයි. අපි හැමොම film , tv series බලනවා අපි මේ විඩියෝ download කරන කොට සමහර අවස්ථා වල අපිට film එක හෝ tv series එකක් නම් එක් epasoide එකක් කොටස් කිහිපයක් විදිහට download කරගන්න වෙන වේලාවල් එනවා ඒ වගේම අපි මිලදි ගන්න dvd වලත් එකම film එක කොටස් කිහිපයකට කැඩිලයි තියෙන්නේ මෙන්න මේ නිසා අපි උපසිරස ගොණුවක් එක්ක film එක බලන්න ගියොත් අපිට එකට විඩියෝ  එක තනි පිටපත් කරගන්න වෙනවා. Film, tv series නම් කොටස් වශයෙන් download කරද්දි zip හෝ rar විදිහට split(තනි file එකක් කොටස් කිහිපයකට බෙදා වෙන් කිරිම) කරලා තිබ්බොත් නම් ඒ සියල්ල එකවර select කරලා excrat කරලා තනි video file එක ලබා ගන්න පුලුවන් එත් අපි download කරපු file එක එහෙම zip විදිහට split නොකර video විදිහට split වෙලා තිබ්බොත් අපිට ඒ video කොටස් තනි video file එකක් බවට පත් කරන්න නම් video converter එකක් පාවිච්චි කරලා merge වෙන්න converte කරන්න වෙනවා. මෙකට ගොඩක් වෙලාව ගත වෙනවා ඒ වගෙම output video එකේ ගුණාත්මක බවත් අඩු වෙන්වා. අද මම කියලා දෙන්න යන්නේ මෙහෙම video කිහිපයක් converte කිරිමකින් තොරව තත්පර ගානකින් merge කරගන්න හැටි ගැනයි.
මුලින්ම අපි අපිට merge කරගන්න ඔන video file කිහිපය folder එක්කට copy කරලා 1,2,3,4.. විදිහට play වෙන්න ඔන අනුපිළිවෙලට තියෙන කොටස් ගාන අනුව rename කරගන්නවා පහළ වගේ.
dvd එක්ක උනත් අපිට අවශ්‍ය film එකට අදාල කොටස් ටික මේ විදිහටම copy කරන් play වෙන්න ඔන පිලිවෙලින් rename කරගන්නවා අදුරගන්න පුලුවන් විදිහට. ඉලගට මට මේ දේ කරන්න අවශ්‍ය වෙනවා mkvtoonix කියන software එක පහලම download link දිලා ඇති. ඒකේ තමන්ගේ os එකට අදාල bit ගනනේ software එක install කරගත්තම අපිට decstop එකේ icon දෙකක් ලැබෙනවා. ඉන් එකක් තමා mkvmergeGUi .
අපි එක open කරගන්නවා ඉට පස්සේ add කියන එක click කරලා මම කලින් merge කරන්න rename කරගත්ත video වල 1 වෙනි කොටස browse කරලා select කරලා add කරනවා.
ඊලගට ඉතුරු විඩියො ටික උන 2,3,4 කියන කොටස් append කියන එක click කරලා browse කරලා 2,3,4 විදිහට පිලිවෙලින් select කරලා open කරනවා.
හැමවෙලාවෙම 2,3,4 නිවැරදි පිලිවෙලින් තුන් වතාවකදි select කරන්න නිවැරදි පිලිවෙලින් append හරහා open කලාම මේ පහල screen shot එකේ රතු පාටට select කරලා පෙන්නලා තියෙනවා වගේ පෙන්නන්න ඔන විඩියෝ පිලිවෙලින් .එහෙම පිලිවෙලින් select කලාට පස්සේ start muxing කියන එක click කරන්න
එතකොට තත්පර ගානකින් පහල වගේ video ටික merge වෙවි
ඊට පස්සේ ok දිලා software එක close කරලා දලා කලින් video file තිබ්බ folder එකට ගිහාම ඔයාලට පෙනෙවි 1.mkv ලෙස mkv format එකේ video file එකක් හැදිලා තියෙනවා
මේ විඩියො file එක කලින් දුන් video සියල්ල merge වෙලා එකතු උනු තනි file එකකුයි.ඒ වගෙම මෙහි ගුණාත්මකබාවය සහා file size එක කලින් file වල එකතුවට සර්වසමයි. අපිට මේ විදිහට video එක merge කරන්න ගත වුනේ තත්පර පහක් පමණයි දැන් අපිට මේ video එක උපසිරසක් සමග බලන්න පුලුවන් . මෙතනදි මේ ක්‍රමයෙන් merge කරන්න ඕනෑම  file format එක්ක video පාවිච්චි කරන්න පුලුවන් එත් එවාගේ resolution සහා fps(තත්පරයට රුප රාමු) සමාන විය යුතුයි ඒ වගේම output file එක සැමවිටම ලැබෙන්නේ mkv වලින් පමණයි .මේ විදිහටම dvd එක්ක කොටස් උනු film එකක් merge කරන්නත් පුලුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඔන පලමු විඩියෝව පමණක් add හරහා open කරලා. ඉතුරු කොටස් වන 2,3,4... append click කරලා open කරද්දි නිවැරදි පිලිවෙලින් add කරන්න මතක තියාගන්න.ප්‍රශ්න තියෙන අය අහන්න

3 comments:

Unknown said...

ගොඩාක් හොඳ පෝස්ට් එකක් සහෝ...
ජය වේවා.

Unknown said...

Supiri

saminda said...

sub ak add krnne khmd

Post a Comment

 
Blogger Templates