Sunday, July 3, 2016

#sameera tutorials 63-hacking පාඩම් මලාව command prompt part 11

ඔන්න අදත් hacking පාඩම මාලාවේ command prompt කොටසට අදාල 11 වෙනි කොටසත් අරන් මම අවා. මෙතෙක් දිපු පරණ පොස්ට් කියවන්න බැරි උන අය part 1 ඉදන් මෙතන click කරලා කියවන්න. හොදයි අපි අද පොස්ට් එක දිහාට හැරෙමු අවසාන පාඩමේදි අපි ඉගෙන ගත්තේ Del command එක ගැනයි Del command එක පාවිච්චි කරලා අපිට file delete කරන්න පුලුවන් උනත් folder delete කරන්න බැරි බව අපි දැක්කා ඉතින් ඒ වෙනුවෙන් වෙනම command එකක් තියෙනවා ඒ තමයි RMDIR කියන command එක මෙකේ නම අනුවම අපිට පේනවා remove directory එහෙමත් නැත්නම් folder delete කරන්න තමා මෙක පාවිච්චි කරන්නේ කියලා
. පටන් ගන්න කලින්ම මෙන්න මේ දේ කියන්න ඔන මේ command එකේ අත්හදා බැලිම් සදහා pendrive එක්ක වගේ directory එකක් ගන්න මොකද ඔයලා හුරු නැතුව මේ command එක පාවිච්චි කලොත් වැරදිම් වලින් ඔයාලගේ වටින file delete වෙයි.මුලින්ම අපි සුපුරුදු විදිහට Help RMDIR කියලා type කරලා මේ command එකට අදාල help prompt එක ලබා ගන්නවා පහළ වගේ.
අපිට පෙනවා මේ command එක සතුව perameters දෙකක් තියෙන බව අපි පිලිවෙලින් මේ පැරාමිටර් ගැන උදාහරණ සහිතව ඉගෙන ගමු. අපේ පලවෙනි perameters එක තමා /S කියන්නේ.මෙකෙන් වෙන්නේ මෙහෙම කාර්යක්. හිතමු අපේ D partition එකේ New කියලා empty folder එකක් තියෙනවා කියලා මට එක delete කරන්න අවශ්‍ය නම් මට කරන්න තියෙන්නේ RMDIR D:\New කියලා type කරලා enter කරන එකයි එතකොට folder එක මේ පහල වගේ delete වෙලා යනවා
එත් අපි හිතමු folder එක empty නෑ එක ඇතුලේ files හෝ folder තියෙනවා කියලා එතකොට අපි කලින් command එක දුන්නොත් අපිට මේ පහල වගේ erorr එකක් එනවා folder එක empty නෑ කියලා .
ඉතින් මෙන්න මේ වගේ empty නැති folder එකක් delete කරද්දි තමා අපි delete කරන්න දෙන directory එකේ තියෙන සියලු file folder delete වෙන්න තමා මේ /S perameters එක පාවිච්චි කරන්නේ අපිට empty නැති folder එකක් delete කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ. RMDIR /S D:\New ලෙස directory එකට ඉදියෙන් /S perameters එක යොදලා enter කිරිමයි. එතකොට අපිට delete එක confirm කරන්න කියලා Y type කරලා enter කරන්න වෙනවා.
අපිට අවශ්‍ය නම් මෙහෙම Y type කරලා enter කරන්න වෙන එක නවත්තන්න එකට තමා /Q perameters එක තියෙන්නේ අපි RMDIR /S /Q D:\New කියලා type කරලා enter කලොත් අපිට කිසිම delete confirm කිරිමකින් තොරව folder එක delete කරගන්න පුලුවන්
ඔන්න command  එකත් මෙතනින් ඉවරයි අලුත් පොස්ට් එකකින් හෙටත් හම්බෙමු.

10 comments:

Unknown said...

එල

Unknown said...

Supiri macho

Unknown said...

Supiri macho

Unknown said...

Supiri macho

Dilruk Perera said...

maru

Unknown said...

patta

Muditha Prabhani Gunarathne said...

පාඩම නියමයි අයියෙ. මට අද තමයි මේක හම්බ උනේ.. හොදටම තේරෙනවා කියලා දීලා තියෙන විදිහ.. මේ ඉගෙනගෙන ඉස්සරහට යන ගමන. කමෙන්ට් එකක් දාගෙනම යන්න හිතුනා. ගොඩක් පින්. ජයවේවා!

Unknown said...

supiri mcho

Shan Leo said...

elama. thanks saho

Unknown said...

fatta bro command prompt eka amathaka wela thibe thawa prameter gana aluth dewal igena gatha gindara saho

Post a Comment

 
Blogger Templates