Wednesday, June 22, 2016

#sameera tutorial 53-hacking පාඩම් මලාව command prompt part 6

ඔන්න අදත් පොරොන්දු උන විදිහට command prompt පාඩම් මලාව අරන් අවා ඊයේ අපි Help command එක පාවිච්චි කරලා අපි පාවිච්චි කරන command වල සියලු තොරතුරු ගන්න හැටිත් command එක්ක perameters(පැරාමිටර්ස්) ගැනත් කතා කලා. අද අපි අලුත් command කිහිපයක්ම ඉක්මනින් ඉගෙන ගමු මොකද මේ පාඩම් මලාවට අදාළ  practical විදිහට අපිට command  script ලියන්න තියෙන නිසා.අද පලවෙනියෙන් අපි ඉගෙන ගන්නේ tree command එක. මෙකේ නමේ හැටියටමයි command එකෙන් වෙන දේ "tree" කියන එකේ තේරුම "ගස" කියන එකනේ
. අපි කිසියම් partision එක්කට ගිහින් මේ tree කියන command එක type කරලා enter කලොත් ඒ partision එක තුල තියෙන සියලු folder එකිනෙකෙට සම්බන්ධ වෙලා තියෙන හැටි පෙන්නනවා හරියට ගහක අතු බෙදිලා තියෙනවා වගේ එකයි මෙකට tree කියන්නේ. මම දැන් D partision එකට ගිහින් tree command එක දිලා බැලුවම මට පෙන්නේ මේ පහල වගෙයි.


ඔයාලට මතක ඇති මම ඊයේ කියලා දුන්නා මේ වගේ විස්තර ලැබෙන command වල විස්තර txt file එක්කට save කරන්න පුලුවන් කියලා ඊයේ අපි dir command එකට මෙහෙම save කලා අපිට මෙකටත් ඒ දේම කරගන්න පුලුවන් ඊයේ කලා වගේම එකට අපි tree > b.txt කියලා දිලා enter කරනවා
එතකොට අපිට output එකක් නොපෙන්වා ඒ output එක b.txt කියන txt file එකට යවලා අපි ඉදපු directory එක වන D වල  save කරලා තියෙනවා D එකට ගියොත්  මේ විදිහට ඔයාලට බලාගන්න පුලුවන්.
එත් ඔයාලට පෙනවා අපි command prompt එකේ දැකපු විදිහට වගේ ලස්සනට ඉරි වලින් සම්බන්ධ වෙලා පෙන්නවා වෙනුවට අකුරු වගයකින් විකෘති වෙලයි txt එක save වෙලා තියෙන්නේ මෙකට හේතුව command prompt එකට ඉරි කැලි පෙන්නන පුලුවන් උනත් txt එක්ක save වෙන්න එහෙම ඉරි කැලි character  නැති නිසයි. මේ අවුල හදාගන්න ක්‍රමයක් තියෙනවා ඒ තමා output එක perameters වලින් වෙනස් කිරිම.මෙක කරන්න අපි tree command එකේ help එක අරන් බලමු එකට යොදාගන්න පුලුවන් perameter එකක් තියෙනවද කියලා එකට මම Help tree කියලා type කරලා enter කරනවා මේ වගේ. එතකොට මට tree command එකේ help එක ලැබෙනවා
මෙකේ අපිට perameters දෙකක් ලැබිලා තියෙනවා ඔයාලට පෙනවා මෙකේ තියෙනවා /A කියලා perameter එකක් ඔයාලට සමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් තෙරුම් යයි මෙකෙන් කියන්නේ tree command එකේ output එක ASCII(American standard code for information interchange) character වලින් output කරන්න කියලයි. ASCII කියන්නේ ඇමරිකානු සම්මත පරිගණක සදහා තියෙන අකුරු ඉලක්කම් සංකේත වලටයි. IT කරන අය නම් මෙක දන්නවා. මේ character හැම පරිගණකයකම වගේ තියෙන නිසා කලින් අපි ගත්ත text output එක වගේ වෙන්නේ නැතුව තියෙන character වලින් හරියට output එක ගන්න අපිට මේ /A පැරා මිටර් එක පාවිච්චි කරන්න පුලුවන්. අපි දැන් මේ perameter එකෙන් output එකක් ගමු මෙකට මම මෙහෙම type කරලා enter කරනවා tree /A > c.txt
මම දැන් D partition එකට ගිහින් එකේ හැදිලා තියෙන c.txt එක open කලාම මට නිවැරදි character වලින් output එක ලැබිලා  තියෙනවා දකින්න පුලුවන් වෙයි.
මෙකෙදි මම txt file save වෙන්න දුන්න නම් වලට ඔයාලට කැමති නමක් දෙන්න පුලුවන් එකේ අවුලක් නෑ. හොදයි අද පාඩම මෙතනින් ඉවරයි අද ගෙදර වැඩේ තමයි E partition එකේ tree data txt file එක්ක ASCII character වලින් save වෙන්න command script එකක් ලියලා blog එකට comment කරන්න නැත්නම් මට fb එකට එවන්න

4 comments:

12345 said...

pause
E:
tree/A>123.txt

Tech Maniawa said...

pause
e:
tree/a>thishan.txt

Kaveen said...

e:
tree/a>"Thank you For This Post".txt

Vinuka Liyanage said...

pause
cd/
d:
cd Movie
tree/A>Movies.txt

Post a Comment

 
Blogger Templates