Sunday, June 19, 2016

#sameera tutorial 49-hacking පාඩම් මලාව command prompt part 3

ඔන්න අදත් hacking පාඩම් මලාවේ command prompt එකට අදාළ තුන්වෙනි කොටස අරන් අවා.මෙතෙක් ඉගෙන ගත් command වල පොඩි මතක් කිරිමක් කලොත් Help,CD,Dir,MD,Cls command ගැන අපි ඉගෙන ගත්තා. Help command එක command prompt එක භාවිතයේදි උපදෙස් ලබා ගන්නත්. CD command එක file browse කිරිමේදි file directory වෙනස් කිරිමටත්,cls command එක command prompt එකේ screen එක clear කරගන්නත්,Dir command එක කිසියම් directory එක්ක තිබෙන සියලු file folder වල විස්තර ලැයිස්තුවක් ලබා ගන්නත්,MD command එක අලුතෙන් folder සැදිමටත් ගන්නවා කියලා අපි ඊයේ පොස්ට් එක නැවැත්තුවේ D partision එකේ new කියන folder එක තුල a කියන folder එකක් හදලා a folder එක තුලට command prompt එකෙන් ඇතුලු වෙලයි.  ඔන්න ඊයේ ගැන පොඩ්ඩක් මතක් කලා එහෙනම් අද පොස්ට් එක නවත්තපු තැන වන  MD command එකේ ඉතුරු කොටසින් පටන් ගමු.
මම දැන් ඉන්නේ D partision එකේ new folder එක ඇතුලේ තියෙන a කියන folder එක ඇතුලෙයි. ඔයාලා මේ folder දෙක ඊයේ delete කලා නම් දැන් command prompt එකෙන්ම එ folder දෙක හදන්න අභ්‍යාසයක් විදිහට. මං ඊයේ හදපු folder දෙක delete කලේ නැති නිසා මම ඊයේ නවත්තපු තැන වන D:/new/a වලට CD command එකෙන් කෙලින්ම යනවා පහල වගේ.
හොදයි අපි ඊයේ එක folder එකක් හදන හැටි නම් ඉගෙන ගත්තා එත් අපිට එකවර folder කිහිපයක් හදාගන්නත් මේ MD command එක පාවිච්චි කරන්න පුලුවන් එකට අපි කරන්න ඔන අපිට අවශ්‍ය folder වල නම් අතර හිස්තැනක් තැබිමයි. උදාහරණයක් පෙන්නුවොත් MD a b c d e ලෙස type කරලා enter කලොත් . D:\new\a\ තුල ගියොත් a b c d e කියලා folder පහක් හැදිලා තියෙනවා  ඔයාලට බලාගන්න පුලුවන් වේවි
ඔයාලට මේ හැදුන folder command prompt එකෙන් බලන්න මම ඊයේ කියලා දුන්නා වගේ Tab key එක press කර කර බලන්න.මේ විදිහට එකවර folder ගොඩක් ලබා ගන්න graphical interface එකේ බැරි බව ඔයාලා දන්නවා අපිට එහෙම ඔන නම් විශේෂ software පාවිච්චි කරන්න වෙනවා.
දැන් ඔයලා මේ පාඩම හොදට මොලේ කල්පනා කරලා අහන් ඉදියා නම් ඔයාලට ප්‍රශ්නයක්  එන්න ඔන. අපි දන්නවා MD වලින් folder හදන්න පුලුවන් බව එත් අපි කොහොමද New folder වගේ නැත්නම් sameera sandaruwan  වගේ නම කොටස් දෙකක් සහිත folder එකක් හදන්නේ මොකද අපි MD New folder කියලා type කරලා enter කලොත් වචන දෙක අතර හිස්තැනක් තියෙන  නිසා command එක හිතන්නේ new කියලා folder එකකුයි folder කියලා තව folder එකකුයි හදන්න කියලයි ඒ නිසා අපිට ලැබෙන්නේ නම් දෙකෙන් folder දෙකකුයි. මෙක වලක්වලා new folder කියලා තනි නමෙන් folder එකක් අවශ්‍ය නම් අපි කරන්න ඔන MD "new folder" කියලා උඩු කොමා සහිතව type කිරිමයි ඔයලා වෙනත් පරිගණක භාශාවක් පොඩ්ඩක් හෝ ඉගෙන ගෙන තියෙනවා නම් දන්නවා ඇති මේ " " වලින් තමා අපි text එකක් බව පෙන්නන්නේ මෙතනදිත් අපි කලේ එකමයි. අපි දැන් මෙන්න මෙහෙම කරමු MD "new folde" "sameera sandaruwan" කියලා type කරලා enter කලොත් අපිට මේ නම් දෙකෙන් folder දෙකක් නිවැරදිව ලැබෙවි.
මතක තියගන්න ඔන දේ තමා හිස්තැන එකෙන් තමා මේ folder දෙකක් බව අදුන ගන්නේ. ඔන්න මෙතනින් MD command කොටසත් සම්පුර්ණයෙන් අවසන් වෙනවා. මම ඉලගට කියලා දෙන්න යන්නේ මේ අපි දෙන command, script එකක් විදිහට save කරලා run කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ ගැන පොඩි හැදින් විමක් කරන්නම් අපිට මේ විදිහට command type කර කර ඉන්න ගියොත් වෙලාව ගත වන නිසා ලොකු වැඩක් කරද්දි වෙලාව යනවා වැඩි මේ නිසා අපිට පුලුවන් මේ අපි දෙන command script විදිහට bat format එකෙන් save කරලා පාවිච්චි කරන්න. මේ script වල ලොකුම වාසිය තමා කිසිම අමතර software නැතුව ඔනෑම windows පරිගණකයක ක්‍රියාත්මක වන එක. මේ script අපිට hacking වලදි ගොඩක් වටිනවා මොකද මේ script virus ලෙස අල්ලන්නේ නෑ මොකද මේවා command prompt command නිසා.  මුලින්ම මම පොඩි උදාහරණයක් පෙන්නන්ම් අපි දැනට කරපු කොටස් වලින්. ඔයලා notepad එක මේ වගේ open කරන්

Pause
MD sameera

මෙන්න මේ ටික ගහලා File වල save as වලට ගිහින් desktop එක select කරලා file name එකට a.bat කියලා type කරලා. Save as type එකට All files තොරලා. Save දෙන්න
එතකොට ඔයාලගේ desktop එකේ මේ වගේ command script එක save වෙලා තියෙවි.
දැන් අපි මේ අපි ලියපු code වලින් වෙන දෙවල් කතා කරමු. pause command එක අපි තමා කතා නොකල command එකක් මෙකෙන් වෙන්නේ අපි keyboard එකේ key එකක් press කරලා අවසර දෙන තුරු ඉලගට තියෙන විධානය වන MD sameera ක්‍රියාත්මක නොකර තිබිමයි. MD sameera කියන එකෙන් වෙන දේ ඔයලා දන්නවා මෙකෙදි වෙන්නේ sameera කියලා නමින් folder එකක් හැදිමයි. මම මුලට pause command එකක් ලිව්වේ ලොකු හේතුවක් ඇතුවයි. ඔයාලා මේ script එක open කරන්න එතකොට ඔයාලට මේ පහල screen shot එකේ වගේ command prompt එක ලැබෙයි
මෙකෙ උඩම line එකේ තියෙන්නේ මේ script file එක තියෙන directory එකයි මෙකෙන් ඔයාලට තෙරෙනවා අපි command script එකක් run කල වහාම command prompt එක open වෙන්නේ කලින් අපි කතා කල සමාන්‍ය මාදිලියෙන් හෝ administrator මාදිලියෙන් නොවන බව.මේ අනුව script එකේ බලපෑම තියෙන්නේ run කරන තැනටයි. මේ දේ පෙන්නන තමා මම pause command එකක් ලිව්වේ මොකද pause command එක නැතුව මේ MD sameera විතරක් මම ලිව්වා නම් script එක open කරපු ගමන් command prompt එක වේගයෙන් open වෙලා close වෙලා යනවා මේ දේ බලාගන්න වෙන්නේ නෑ. Pause command එක මගින් නවතන් ඉන්න ඉලග command එක වන MD sameera ක්‍රියාත්මක වෙන්න  keyboard එකේ ඔනම key එකක් press කරන්න එතකොට MD sameera run වෙලා sameera කියලා folder එකක් open කරපු තැන හැදෙයි. අද අපි command script වල මුලික දේවල් ඉගෙන ගත්තා හෙට අපි මේ command script ගැන තවත් ඉගෙන ගන්න ගමන් අලුත් command දෙකකුත් ඉගෙන ගනිමු.අපි දැන් ලිව්ව command script එක ඔන නම් පහළින් dowload කරගන්න එත් තනියම හදාගන්න එක තමා අභ්‍යාසය වෙන්නේ. එහෙනම් ආයෙත් හෙට හම්බෙමු

පසුව ලියමි= මම හිතුවා අපේ  යාලුවන්ට පොඩි  අභියෝගයක් දෙන්න මෙතෙක් දුන්න පාඩම් හොදින් කියවලා D patision එක තුල win කියන නමින් folder එකක් හැදෙන්න script එකක්  ලියලා blog එකේ comment හෝ මගේ fb එකට  msg කරන්න 

9 comments:

Unknown said...

Ela broooo ela.ohoma yan.

Chamara said...

maru aaaaaaaaa

Unknown said...

Pause
D:
md win

Unknown said...

bro mekath ekkama, programming paththath poddak kiyala denna. C++, Java. etc

Aaja said...

Bro oyage fb id eka monawada?

Sameera Sandaruwan said...

sameera.sandaruwan.31521

ලියන්නා said...

ඔන්න bro code එක

cd/
D:
md win

Vinuka Liyanage said...

එක directory එකකින් මුලටම යන්නෙ නැතුව එකක් විතරක් ආපස්සට යන්නෙ කොහොමද?

Unknown said...

ela broooo

Post a Comment

 
Blogger Templates