Friday, June 24, 2016

#sameera tutorial 56 -hacking පාඩම් මලාව command prompt part 8

හොදයි මේ ඔයාලට ගෙන්නේ hacking පාඩම් මලාවට අදාළ command prompt  8 වෙනි කොටසයි.මෙතෙක් දිපු පොස්ට් නොබලපු අය ඒ  සියල්ලම මෙතන click කරලා ගිහින් බලන්න. හොදයි අද අපි  ඉගෙන ගන්නේ Copy සහා XCopy කියන command දෙක ගැනයි අපි මෙක පාවිච්චි කරන්නේ file copy කරන්නයි. Copy සහා XCopy command ක්‍රයාකාරිතව අතින් සමාන උනත් XCopy command එක සතුව copy command එකට වඩා වැඩි perameters ගනාක් තියෙන නිසා XCopy command එකේ බලවත් බව වැඩි ඒ වගේම පටන් ගන්න කලින්ම කියන්න ඔන ඔයලා මේ XCopy command එකේ perameters වලින් වෙන දේවල් පරික්ෂා කරන්න කිසිම විටෙක administrator command prompt මාදිලිය පාවිච්චි කරන්න එපා මොකද මේ XCopy command එක සතුව තියෙන file access permission එකට අදාල perameter එක නිසි දැනිමකින් තොරව use කරන්න ගියොත් අපි අතින් වැරදිමකිමකින් hard partition access block වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාලා දැනට copy command එක ගැන පමනක් ඉගෙන ගන්න XCopy command එක අපිට hacking වලදි ගොඩක් වටින command එකක් අපි මේ පාඩමේ ඉහළට යනකොට අපි ආයේ ඒ ගැන ගැඹුරට කතා කරමු
අපි දැනට copy command එක ගැන කතා කරමු අපි මුලින්ම Help Copy කියලා ගහලා enter කරලා copy command එකේ Help prompt එක ලබා ගෙන copy command එකේ perameters බලමු මේ පහල වගේ.
මේ prompt එකේ මුලින්ම තියෙන්නේ Copy command එකට පැරාමිටර්ස්(perameters) ලිවිය යුතු පිලිවෙලයි.ඊට පස්සේ තියෙන්නේ පැරාමිටර්ස් වල විස්තරයි. මෙතනින් වැදගත් perameter එකක් ලෙස /V දක්වන්න පුලුවන් මේ පැරාමිටර් එක මගින් අපිට file copy විම සම්පුර්ණයෙන් සිදු වුනාද කියලා තහවුරු කරගන්න(verify) කරගන්න පුලුවන්. මේ එක් එක් perameters වලින් වෙන කාර්යන් ඔයලා මේ prompt එක කියවලා අත්හදා බලන්න නොතෙරෙන තැන් මගෙන් අහන්න. මේ හැම perameter එකක්ම ඉගෙන ගැනිමේ අවශ්තාවක් නෑ අත්‍යවශ්‍ය perameter එකක් නම් ඒ ගැන මම අනිවාර්යයෙන් සදහන් කරනවා. හොදයි අපි Copy command එකෙන් file Copy කරලා බලමු. මුලින්ම මම Copy කියලා type කරලා හිස්තැනක් තියනවා. ඉට පස්සේ මට copy කරන්න ඔන file directory එක type කරනවා. මෙතනදි file directory type කරන්නේ නැතුව keyboard එකේ tab key එක press කරලා directory ගන්න හැටි අපි කලින් දුන්න පොස්ට් එකේ කතා කලා. ඒ විදිහට මම මගේ folder එකක් දෙනවා දිලා හිස්තැනක් තියලා මට මේ folder එකේ තියෙන දෙවල් copy කරන්න ඔන තැන directory එක දෙනවා දිලා enter කලාම මම මුලින් දුන්න directory එකේ ඇතුලේ  තියෙන සියලු file දෙවෙනියට දුන්න directory එකට copy වෙනවා
එත් මෙතනදි මුල් folder එක පිටින් copy වෙන්නේ නෑ file විතරයි copy වෙන්නේ folder එක සමගම file copy කරන්න තමා අපි xcopy command  එක යොදා ගන්නේ ඒ ගැන අපි පස්සේ කතා කරමු. මේ විදිහටම අපිට තනි file එකක් උනත් පහල වගේ command දිලා copy කරන්න පුලුවන්.
අපි පැරාමිටර්ස් එකක් යොදා ගන්නවා නම් එක යොදන්න ඔන copy ලෙස type කර හිස්තැනක් තියලා ඉට පස්සේ හිස්තැනක් තියලා  copy විය යුතු directory එක type කරලා හිස්තැනක් තියලා ඉටපස්සේ file copy විය යුතු ස්තානය සදහන් කරලා enter කරන්න පහල වගේ.
හොදයි ඔන්න copy command එකත් මෙතනින් ඉවර වෙනවා එහෙනම් අපි හෙට පොස්ට් එකෙන් අපි හම්බෙමු හෙට.

6 comments:

Unknown said...

සුපිරි බන්

Unknown said...

සුපිරි බන්

Dilruk Perera said...

copy command eke txt onam format ekk gann puluwanda?

Sameera Sandaruwan said...

Kavisha ප්‍රශ්නේ නම් පොඩ්ඩක් පැහැදිලි මදි

Damidu Gimhan said...

ubalage okkoma post mula idan ganna puluwanda

Damidu Gimhan said...

mage email ekata send karanna puluwanda admin damidugimhan123@gmail.com

Post a Comment

 
Blogger Templates