Monday, June 20, 2016

#sameera tutorial 51-hacking පාඩම් මලාව command prompt part 4

ඔන්න ඊයේ පොරොන්දු උන විදිහට command prompt පාඩම් මලාවේ 4 වන කොටස අද ගෙනවා.ඊයේ පාඩමෙන් අපි මේ පාඩම් මලාවේ විශාල පිම්මක් තිබ්බා ඒ command script ලිවිම කියන කොටස පටන් ගත්ත නිසා .ඊයේ පාඩම අවසානයේ මම ඔයාලට පොඩි ගෙදර වැඩක් දුන්නා පාඩම් ටික හොදට කියවලා ඊයේ අපි හැදුව script එක D partision එක තුල folder එකක් හැදෙන විදිහට code කරන්න කියලා ඉතින් කිපදෙනෙක් මට script එවලා තිබුනා එතනින් එක සහෝදරයෙක් විතරයි හරියට වැඩේ කරලා තිබුණේ. මෙන්න මෙකයි උත්තරය ඊයේ මම pause code එකක් දලා script එක නවත්තලා පෙන්නුවා script එකක් open උනාම එක මගින් command prompt එක open කරගන්නේ අදාළ script එක තියෙන directory එකේ ඉදන් බව ඒ නිසයි MD sameera කියලා ලිව්ව code එක මගින් sameera කියලා folder එකක් script එක තියෙන තැන පමනක් හැදුනේ. අපිට අවශ්‍ය තැනක හැදෙන්න අවශ්‍ය නම් අපි MD command එකට පෙර directory එක මාරු කල යුතුයි.command prompt එකේ directory එක මාරු කරන්න අපි යොදාගන්න code එක තමයි CD කියන්නේ.
අපි script එක මෙන්න මෙහෙම ලියනවා මුලින්ම අපි ලියනවා CD\ එකක් මේ code එකෙන් අපිව script එක මොන තැනක තිබිලා open උනත් root එකට යාවි ඉලගට අපිට කරන්න තියෙන්නේ අපි ඉන්න partision එක D වෙතට මාරු වෙන්නයි එකට අපි D: කියලා script එකේ දෙවෙනි line එක type කරනවා. දැන් අපි D partision එකේ ඉන්න නිසා ඉලගට MD sameera  කියන command එක ලියනවා මෙකෙන් D මත sameera නමින් folder එකක් හදනවා. මෙන්න මෙහෙමමයි අපිට අවශ්‍ය තැනක folder එකක් හැදෙන ලෙස script එකක් ලියන්නේ අපි ලිව්ව අවසාන කේතය මෙන්න මේ වගෙයි එන්න ඔන

CD\
D:
MD sameera

දැන් මේ code එක ඊයේ වගේ notepad එකේ type කරලා කැමති නමක් දිලා නම අවසානෙට .bat කියලා දිලා save කරන්න ඊයේ අපි කලා වගේ. ඊට පස්සේ run කරලා බලන්න. ඔයාලට D partision එකේ folder එකක් ලැබෙවි. මෙකේ CD\ අත්‍යවශ්‍යම නෑ මොකද D කියන්නේ partision එකක් නිසා CD\ නොලිව්වත් ක්‍රියාත්මක වෙන්න එකේ බලපෑමක් නෑ ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් හැම පියවරකට කලින්ම pause කොඩ් type කරලා මේ දේ command prompt එකේ run වෙන විදිහ බලන්නත් පුලුවන් එතකොට  code එක මේ වගේ වෙනස් වෙන්න ඔනේ

Pause
CD\
Pause
D:
Pause
MD sameera

මෙහෙම code එක දුන්නොත් හැම පියවරක්ම run වෙන්න keyboard එකේ key එකක් press කරලා අවසර දෙන්න ඔන. කලින් code එක වගේ command prompt එක open වෙලා close වෙලා යන්නේ නෑ.මේ විදිහට pause code දැම්මම ඔයාලට මේ code එක command prompt එක තුල run වෙන අකාරය නිවැරදිව බලාගන්න එක උදව්වක් වෙවි. අද පොස්ට් එක මම මෙතනින් නවතන්න වෙනවා පොසොන් යන්න වෙන නිසා අපි හෙට අලුත් command කිහිපයක් ගැනත් command script ගැන තවදුරටත් ඉගෙන ගමු හැමොටම සුභ දවසක් ඒ වගේම සුභ පොසොන් පොහොයක් වේවා.

6 comments:

Unknown said...

Ela digatama karagena yanna saho

Unknown said...

Ela...

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

digatama karagena yanna, hamadama wage posts daanna

ලියන්නා said...

pause command එක හරියට debugger එකක් වගේද ?

Tech Maniawa said...

Ela..

Post a Comment

 
Blogger Templates