Tuesday, June 21, 2016

#sameera tutorial 52-hacking පාඩම් මලාව command pormpt part 5

ඔන්න අදත් command prompt පාඩම අරන් ආවා පොරොන්දු උන විදිහට.අපි මේ පොස්ට් මලාවේ දැන් තරමක් දුර ඇවිත් ඉන්නේ. ඔයලා මේ පාඩම් මලාව මුල ඉදන් කියවලා හොදින් තෙරුම් ගන්න සිංහලෙන් පළවෙන මෙහෙම පාඩම් මලාවක් ඔයාලට කවමදාවත් ලැබෙන එකක් නෑ. මේ පාඩම් මලාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙකයි අන්තර්ජාලයේ තියෙන ක්‍රමයක් copy කරන් hacking ගැන ඉගෙන නොගෙන තමන්ගේම අලුත් ක්‍රම හදා ගන්න මට්ටමට දැනුම දෙන්නයි මේ පාඩම් මලාවේ අරමුණ අපි මේ command ඉගෙන ගන්න අතර ඉගෙන ගත් command වලින් විවිද අලුත් නිර්මාණ කරන හැටිත් බලනවා. ඔයලා ඒ විදිහට තනියම කරන නිර්මාණ මට එවන්න එවගේ අඩුපාඩු හදාගන්න මම උදව් කරන්නම්.
එහෙනම් අපි අද පොස්ට් එක දිහාට හැරෙමු. අද මුලින්ම කියලා දෙන්න යන්නේ කලින් පාවිච්චි කල code කිහිපයක අමතර කොටස් කිහිපයකුයි. මුලින්ම මම පහල වගේ D partition  එකට command prompt එකෙන් ගිහින්
cls command එක දිලා screen එක සුද්ද කරගන්නම් කරන දෙවල් පැහැදිලිව පෙන්න අවශ්‍ය නිසා. එතකොට මට මේ වගේ screen එක clean වෙලා command prompt එක ලැබෙනවා.
ඔයාලට මතක ඇති අපි කලින් ඉගෙන ගත්ත Dir සහා Help command ගැන. අපි help command එක මගින් command වල විස්තර සහිත list එකක් ගන්න හැටි කතා කලා දැන් අපි බලමු command එක්ක සියලු විස්තර ගන්න Help command එක ගන්නේ කොහොමද කියලා. මේ සදහා කලින් අපි ඉගෙන ගත්ත Dir command එක පාවිච්චි කරන්නම්. අපි කලින් මේ command එක පාවිච්චි කරන්නේ මොකටද කියලා කතා කලා. අපි මෙකෙන් අපි ඉන්න Directory එකේ තියෙන file folder වල විස්තර සහිත list එකක් ගන්න හැටි කතා කලා අපි දැන් බලමු Help command එක පාවිච්චි කරලා Dir command එකේ සියලු විස්තර ගන්නේ කොහොමද කියලා එකට මම Help හිස්තැනක් Dir කියලා type කරලා enter කරනවා මේ පහල වගේ එතකොට මට Dir command එකේ සියලු විස්තර ලැබෙනවා මේ පහල වගේ.
මෙන්න මේ විදිහට තමා අපිට අවශ්‍ය command එක්ක සියලු විස්තර අපි බලා ගන්නේ අපිට තියෙන්නේ Help කියලා type කරලා අපිට විස්තර අවශ්‍ය command එක type කරන්නයි අපිට එතකොට එකේ සියලු විස්තර ගන්න පුලුවන්.මේ විදිහට ලබා ගන්න විස්තර වල උඩින්ම තියෙන්නේ description එකයි ඒ කියන්නේ අදාල command එක පාවිච්චි කරන්නේ මොකටද කියන එකයි. ඉලග කොටසේ තියෙනවා command එක සමග ලියන අනෙක් කොටස් ලිවිය යුතු පිලිවෙලයි. ඉලග කොටසේ තියෙන්නේ command එක මගින් වෙන කාර්ය අපිට අවශ්‍ය විදිහට හැඩගස්ව ගන්න පාවිච්චි කරන යෙදුම් වන perameters (පැරා මිටර්ස්) අඩංගු වෙනවා. අපිට තරමක ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මේ Help command එකෙන් ලැබෙන විස්තර මගින් මේ command එකේ සියලු වැඩ ගන්න හැටි ඉගෙන ගන්න පුලුවන්. අපි පොඩි උදාහරණ කිහිපයක් බලමු. අපි Dir වලින් folder list එකක් ගත්තේ අපි command එක දෙන අවස්තාවේ අපි ඉදපු directory එකටනේ අපිට අවශ්‍ය directory එකක් folder list එක ගන්නේ මෙන්න මෙහෙමයි Dir E: මේ code එක ගහලා enter කලාම අපිට E partision එකේ dir list එක පෙන්නයි.
ඉලගට අපි හිතමු අපි ඉන්න directory එකෙම hidden (හැංගුන) folder වල list එකක් පමනක් අවශ්‍යයි කියලා අපිට තියෙන්නේ  Dir /A:H ලෙස type කර enter කිරිමයි.
කලින් ඉගෙන ගත් code එක සහා මේ code එක එකතු කරලා අපිට වෙන directory එක්ක තියෙන hidden folder වල ලිස්ට් එකක් ගන්න මෙන්න මේ code එකෙන් පුලුවන් Dir E: /A:H මෙකෙන් E partision එකේ hide වෙලා තියෙන folder වල ලිස්ට් එකක් ලැබෙයි.
තව අමතර දෙයක් කියලා දෙන්න ඔන ඔයලට ඒ තමයි මේ විදිහට විස්තර ලැබෙන command අපිට txt file එක්කට ඒ විස්තර save වෙන විදිහට command දෙන්නත් පුලුවන් එතකොට command එකේ output එක කෙලින්ම txt file එක්කට save වෙනවා උදාහරණයක් පෙන්නුවොත් Dir > a.txt කියලා type කරලා enter කලොත් අදාළ directory එකේ ලිස්ට් එක a.txt ලෙස ඒ directory එකේම හැදෙනවා
D partision එකට ගියොත් මෙන්න මේ වගේ ඔයාලට දකින්න පුලුවන් වෙවි.
මෙකෙ a කියන එකට කැමති නමක් දෙන්න පුලුවන් එකේ ප්‍රශ්නයක් නෑ අපි පස්සේ ඉගෙන ගත්ත Dir සමග perameters සහිත command උනත් මෙහෙම txt file එක්කට save කරන්න පුලුවන් . මම දැන් මේ කතා කල හැම දෙම කලේ අපි මුලින් ගත්ත Help command  විස්තර වලිනුයි. මේ නිසා command prompt එකේ තියෙන වටිනම command එක වන්නේ මේ help command එකයි. අපි ඉස්සරහට ඉගෙන ගන්න හැම command එකක්ම ඉගෙන ගන්න කලින් අපි ඒ command එකේ help command එක ලබා ගන්නවා.Dir command එකේ ඉතුරු perameters වලින් කරන්න පුලුවන් වැඩ ඔයලා අත්හදා බලන්න. එහෙනම් අද පොස්ට් එක මෙතනින් අවසන් වෙනවා හෙට අලුත් command හම්බෙමු. සුභ දවසක් ඔයලා ඔක්කොටම

13 comments:

Ishan said...

නියමයි සහො ජය වෙිවා

Ishan said...

නියමයි සහො ජය වෙිවා

Unknown said...

Ela

Unknown said...

Ela

Isuru Prabath said...

Patta mavhan

Chamara said...

ela ela

Unknown said...

Ela...

chaminda said...

MTHAN PRASNEYAK TENO OYAGE DEWANI POST AKA MN TAMA KIYAWANNE CMD WALA FOLDER AKAK ATULATA GEYATA PASSE APAHU ALIYATA ANNE KOMADA

Unknown said...

pata Saho... jaya wewa

Sameera Sandaruwan said...

Chaminda oyage prashneta uththare mama aluth post eke dunna comment ekata godak thanks

Shan Leo said...

elama saho.thank you... ai me ade magadi nathara kale. ayeth continue karagena yanna. please machan meka godak hoda wadak.

Unknown said...

Mn meka kiyawn na parakku wedi nethuwethi he

Unknown said...

Thank you 😁

Post a Comment

 
Blogger Templates