Friday, June 24, 2016

#sameera tutorial 55- hacking පාඩම් මලාව command prompt part 7

ඔන්න අදත් command prompt පාඩම අරන් මම අවා ඊයේ පොඩි වැඩක් වැටුනා ඒ නිසයි පොස්ට් එක දෙන්න බැරි උනේ මේ hacking post මලාවේ command prompt කොටසේ 7 වෙනි පොස්ට් එකයි. කලින් පොස්ට් කියෙව්වේ නැති අය ඔක්කොම පොස්ට් මෙතන click කරලා ගිහින් බලන්න පිළිවෙලට. එහෙනම් අපි අද පොස්ට් එක දිහාට හැරෙමු. මුලින්ම මම අපේ යාලුවෙක් අහලා තිබුන ප්‍රශ්නයකට උත්තර දෙන්නම්. ප්‍රශ්නේ තමයි CD command එකෙන් folder වල ඇතුලට යන්න පුලුවන් උනත් එලියට එන්න බැරිද කියලා උත්තරය තමා අපිට CD command එකෙන් පුලුවන් ඉන්න directory එක මාරු කරන එකයි ඉන්න directory එකෙන් level එකක් උඩට එන්න ක්‍රමයක් නම් නෑ අපිට එහෙම එන්න ඔන නම් CD වලින් ආයේ directory එක මාරු කරලා තමා එන්න ඔන. අපිට /D කියන perameter එක පාවිච්චි කරලා කෙලින්ම directory එක්කට යන්න පුලුවන් උදාහරණයක් පෙන්නනම් මම CD /D E:\Movies කියලා type කරලා enter කලොත් මට කෙලින්ම ඒ folder එකට යන්න පුලුවන්
මෙකට මම පාවිච්චි කලේ /D කියන perameter එකයි. මෙතනදි Movies කියලා folder නම් අපි type කරන්න ඔන නෑ මම පලවෙනි පාඩම් වලදි කියලා දුන්නා වගේ CD /D E:\ කියලා type කරලා keyboard එකේ tab key එක press කර කර මට E partition එක තුල තියෙන folder  නම් ගන්න පුලුවන් මෙතනදි මම මගේ E එකේ තිබ්බ folder එකක් වන Movies folder එක ගත්තේ ඔයලා මෙකට ඔයලගේ තියෙන folder එකක් ගන්න . මෙක ගොඩක් වැදගත් මොකද නැත්නම් අපි අතින්  type කරන්න ගියොත් වරදින නිසයි.අපි හිතමු මට මගේ D partition එකේ තියෙන images folder එක ඇතුලේ තියෙන  bitmap logos කියන folder එකට යන්න ඔන කියලා. මම CD /D D:\ කියලා type කරලා.Keyboard එකේ tab key එක press කර කර D එක ඇතුලේ තියෙන folder ගන්න පුලුවන්
එහෙම මම image කියන එක ගන්නවා එතකොට මෙන්න මෙහෙමයි පෙන්නනේ CD /D D:\images කියලයි
ඉලගට මට ඔන image folder ඇතුලේ තියෙන bitmap logo folder එකට යන්නනේ එකට මම CD /D D:\images\  විදිහට images වල අගට \ එකක් type කරලා අයේ tab key එක press කරනකොට මට දැන් images folder එක ඇතුලේ තියෙන folder ලැබෙනවා
මම එහෙම press කරලා bitmap logo කියන folder එක ගන්නවා එතකොට ඔයාලට පෙන්නයි නිකන්ම "" සලකුනු දෙකක් add වෙනවා මේ වගේ CD /D "D:\images\bitmap logos" කියලා.
දැන් අපි enter කර ගත්තම අපි ඒ directory එකට යනවා පහල වගේ.
මෙතනදි automic " " දෙකක් add වෙන්න හෙතුව මෙකයි bitmap logo කියන folder එක නම කොටස් දෙකකින් තියෙන නිසා අතර මැද හිස්තැනක් එන එකයි මෙකට හේතුව. අපි නම කොටස් දෙකක් සහිත folder එකක් හදද්දිත් ඉගෙන ගත්තා මතක ඇති. හොදයි අපි අද CD command එකේ perameter එකක් වන /D ගැන ඉගෙන ගත්තා ඒ වගේම directory එක්ක තියෙන folder type නොකර keyboard එකේ tab key එක press කරලා ගන්න හැටිත් ඉගෙන ගත්තා.මම මේ පාඩම අද ඉදන් post දෙක ගානේ දිලා ඉක්මනින් ඉවර කරන්න බලනවා මොකද අපිට තව ඉගෙන ගන්න command ගොඩක් තියෙන නිසා. ඉලග පොස්ට් එකෙන් ටිකකින් හම්බෙමු.

2 comments:

Unknown said...

Machan directory eken ekak eliyata enna nam cd.. command eka use karanna :)

Sameera Sandaruwan said...

#Dulith Aluthen dunna post eke CD.. gena dunnane bro kiyewwe nedda

Post a Comment

 
Blogger Templates